(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මට්ටක්කුලිය ,ජෝර්ජ් පීරිස් මාවතේ දී පුද්ගලයකුට ආයුධයකින් පහරදී ඝාතනය කළේ යැයි කියන පෞද්ගලික උපකාරක ගුරුවරයකු , පාසල් ශිෂ්‍යයකු සහ ව්‍යාපාරිකයකු ඇතුළු පස් දෙනකු මට්ටක්කුලිය පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ ඝාතනය කර තිබුණේ මට්ටක්කුලියේ පදිංචිව සිටි ආර්. ආර් . එම්.පීරිස් නැමැති 36 හැවිරිදි අයෙකි.
පසුගිය විසි පස් වෙනි දින මොහුට තියුණු ආයුධවලින් පහර පහරදී ඝාතනය කර තිබිණි යැයිපොලිසිය කියයි.
දෙපාර්ශවයක් අතර හටගත් ගැටුමකින් පසු මෙම ඝාතනය සිදුවී ඇති අතර මියගිය අයගේ විරුද්ධවාදී පාර්ශවයේ බව කියන අයකු ද මෙහිදී තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපකාරක ගුරා ප්‍රචණ්ඩත්වය සම්බන්ධව ප්‍රායෝගික පන්තියක් පවත්වා වගේ...