(අංජුල මහික වීරරත්න)
සිංගප්පූරුව සමඟ ඇතිකරගත් ගිවිසුම් හා සාකච්ඡා වල ප්‍රගතිය අදාල විෂය බාර අමාත්‍යවරුන් වෙත පවරන තෙක් එම කටයුතු ඉදිරියට ගෙනයාම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක වෙත පැවරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
උතුරු සහ නැගෙනහිර පළාත් කේන්ද්‍ර කරගනිමින් ඉදිකිරීමට නියමිත සුළං සහ සූර්ය බලශක්ති නිෂ්පාදන නවීන් තාක්ෂණික ක්‍රම උපයෝගී කරගනිමින් සිංගප්පූරුවට යැවීම සම්බන්ධයෙන් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සිංගප්පූරු සංචාරයේදී සාකච්ඡා සිදුව ඇත.
ජනාධිපතිවරයා සිංගප්පුරුවේදී කළ සාකච්ඡා වලට අදාල කටයුතු ඊට සම්බන්ධ අමාත්‍යාංශ වෙත පවරන තෙක් ජනාධිපති කාර්යාලය යටතේ පවත්වාගෙන යාමට තීරණය ගෙන තිබේ.
සුළං සහ සූර්ය විදුලිය නිෂ්පාදනය කර දෙරට අතර හුවමාරු කර ගන්නා ආකාරය ගැන ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිතය.
සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් කටයුතු ද පරිසර අමාත්‍යාංශය වෙත පවරන තෙක් ජනාධිපති කාර්යාලය මගින් ඉදිරියට ගෙන යනු ඇත. ආරම්භ කිරීමට යෝජිත සිංගප්පූරු ශ්‍රී ලංකා වෙළෙද ගිවිසුම ගැන මෙන්ම ඉන්දියන් සාගරයේ ආරක්ෂාව ගැන කටයුතුද එ් අයුරින් සිදුවීමට නියමිතය.
නිපුණාතවය සහිත හෙදියන්, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ශිල්පීන් ශ්‍රමිකයන් ලෙස එරටට යැවීම ගැනද ජනපති සිංගප්පූරු සංචාරය අතරතුර සාකච්ඡා කළ අතර ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණු ශ්‍රමිකයන්ට සිංගප්පුරුවේ විශාල ඉල්ලුමක් පවතින බවද සාකච්ඡාවලදී හෙලිව තිබේ.
එම කටයුතු ද විදේශ රැකියා අමාතයාංශය වෙත පවරන තෙක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ මූලිකත්වයෙන් ඉදිරියට ක්‍රියාත්මක වේ.
සිංගප්පූරුව සහ ශ්‍රී ලංකා යන දෙපාර්ශවයම මෙම කටයුත්තට එකඟ වී ඇති අතර සිංගප්පූරු රජයේ ප්‍රධානීන් හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ඉදිරියේදී හමුවී ඉදිරි කටයුතු තීන්දු කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙ කිට්ටු වෙන්නයි යන්නේ... තව තව ඒවා කියයි.
මේකා අමු පිස්සෙක්...!!! කසාගන්න නියපොත්තක්වත් නැහැ... හැබැයි කතාව නම් මහා ජාතියෙන්. මුළු රටම බල ශක්ති අර්බුදයක ගිලිලා... නමුත් කතාව බලශක්තිය රට පටවන්න....
මේ වගේ මජරයෙක්...! තමන් පාලනය කරන රටට තවමත් විදුලිය දෙන්න බැරුව, සිංගප්පූරුවට විදුලිය දෙන්න කතාව...
පාවෙන න්‍යෂ්ටික බලාගාරයක් ගේනවා කීවා, කෝ ගෙනාවාද ?
යමක් කිරීමට පෙර පම්පෝරිගහන්නෙ ඒක කෙරෙන වැඩක් නොවන බවත් ලගදී ඡන්දයක් එන බවත් සිතට ගතයුතුය. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි කියන්නෙ නිකම්ම නොවෙයි.
මේ රටේ එවුන්ගෙ කටමැත දෙඩවිල්ල විතරයි.. මහවැලිය හදනකොට මොනවද කිව්වෙ.. අන්තිමට ඉන්දියාවට දෙනව තියා රටේ විදුලි අවශ්‍යතාවයවත් පිරිමහගන්ඩ පුළුවන්ද. එදා වේල, ඒ මොහොත විතරක් දකින මිනිස්සු. පම්පෝරි කාරයින්ටමනෙ මිනිස්සුත් කැමති.
ලොක්කා ඇයි ෆොක්වාගන් කොම්පැනියේ කාර් ටිකත් යවන්න පුළුවන් නේද? මෙහෙ අපිට කාර් වැඩි.