(ටී.කේ.ජී.කපිල )
මාර්ග අංක 187 කටුනායක ගුවන් තොටුපොළ - කොළඹ අතර ධාවනය වන සුඛෝපභෝගී රථ උදෑසන වර්ජනයක් ආරම්භ කර තිබේ.
මේ නිසා කටුනායක තොටුපොළ , කටුනායක නිදහස් වෙළෙඳ කළාපය සහ කටුනායක ගුවන් භාණ්ඩ ගැල් ගම්මානය පැමිණෙන මගීන්ට දැඩි බලපෑම් එල්ල වී තිබේ .
මීට වසර 06 කට පමණ විසදා අවසන් කර තිබූ මාර්ග ගැටලුවක් වැරදි තොරතුරු ඉදිරිපත් කර යළි මතු කිරීම නිසා ඊට විරෝධය පළ කිරීම සඳහා මෙම වර්ජනය ආරම්භ කර ඇත.
අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා හමු වී මේ පිළිබදව සාකච්ඡා කිරීමට බවත්ය. යම් හෙයකින් මෙම සාකච්ඡා අසාර්ථක වුවහොත් හෙට (28) සවස සිට මාර්ග අංක 265 මිනුවන්ගොඩ - කොළඹ , මාර්ග අංක 187 කටුනායක - කොළඹ සාමාන්‍ය බස් රථ , මාර්ග අංක 240 මීගමුව - කොළඹ සාමාන්‍ය බස් රථ , මාර්ග අංක 187 ජා - ඇළ - කොළඹ සහ රද්දොළුගම - කොළඹ බස් රථ ද මෙම වර්ජනයට එක් වීමට නියමිත ලංකා පුද්ගලික බස් හිමියන්ගේ ගම්පහ දිස්ත්‍රික් සභාපති බව ලැම්බට් මධුරගේ මහතා පැවසීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි, එතකොට සීටීබී බස්වලට හොඳට ආදායමක් හොයන්න පුළුවන්. මීගමුව, ජාඇල, ගම්පහ, මිනුවන්ගොඩ ඩිපෝ අධිකාරි තුමන්ලාගේ අවදානය යොමුවේවා...!