(නිමල කොඩිතුවක්කු)

මෙරට ගුවන් කලාපය තුල ආරක්ෂිත ගුවන් මෙහෙයුම් පවත්වාගෙනයාම සඳහා  ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම විසින් කටුනායක ගුවන්තොටුපලේ අධි තාක්ෂණික ගුවන් මෙහෙයුම් සන්නිවේදන පද්ධතියක් ස්ථාපිත කරනු ලැබීය.
ඒ අනුව ගුවන්මෙහෙයුම් කටයුතු සඳහා මෙතෙක් පරිහරණය කල වසර 20ක් පමණ පැරණි ගුවන් මෙහෙයුම් සන්නිවේදන පද්ධතිය ඉවත් කර ලොව තිබෙන අධි තාක්ෂණික ගුවන් මෙහෙයුම් පද්ධතියක් කටුනායක ගුවන් මෙහෙයුම් පාලක මැදිරියේ ස්ථාපනය කෙරිණ.
රුපියල් මිලියන 670 ක පිරිවැයකින් යුරෝපීය ප්‍රමිතියට අනුව ඉතාලියේ නිෂ්පාදනය කර ඇති මෙම පද්ධතිය නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය  නිමල් සිරිපාල ද සිල්වා මහතාද එක්ව සිටියහ.
මෙම සන්නිවේදන පද්ධතිය ක්‍රියාත්මක කිරීම තුලින් ගුවන්ගමන් පාලක වරුන්ට ප්‍රධාන පාලක මැදිරියේ සිට ගුවන්යානයට, සියළු ගුවන් තොටුපල වලට සහ රේඩාර් මධ්‍යස්ථානයට ක්ෂණයකින් සම්බන්ධ විය හැකියාව ලැබේ