(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි මෙහෙණි ආරාමයක මහණ වීමට පැමිණි තරුණියක සහ එම ආරාමයේ වැඩ වාසය කළ අවුරුදු 12 ,15 සහ 18 යන වයසේ පසුවන මෙහෙනින් වහන්සේලා තුන් නමක් සමග 24 වැනි දා සිට අභිරහස් ලෙස අතුරුදහන්ව ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි.
මෙම මෙහෙණි ආරාමයේ වැඩ වාසය කරන මෙහෙණින් වහන්සේ විසින් මේ බව අද (26) ම්නුවන්ගොඩ පොලිසියට පැමිණිලි කර ඇත.
මහණ වීමට අවශ්‍ය බව පවසමින් පැමිණි තරුණිය අනෙක් මෙහෙණින් වහන්සේලා තිදෙනා රැගෙන යන්නට ඇති බවට සැක කරන්නේ යැයි පැමිණිලිකාර මෙහෙණින් වහන්සේ පොලීසියට පවසා ඇතැයි කියති.
මෙහෙනින් වහන්සේලා තුන් නම රැගෙන ගියේ යැයි කියන මෙම තරුණියගේ කිසිම තොරතුරක් තමන් සතුව නොමැති බව පැමිණිලිකාර මෙහෙණින් වහන්සේ පවසන්නේ යැයි පොලීසිය සඳහන් කරයි.
මෙම මෙහෙණින් වහන්සේලා තුන්දෙනා සහ එම මෙහෙණින් වහන්සේලා රැගෙන ගියේ යැයි කියන තරුණිය ගැන මෙතෙක් කිසිදු තොරතුරක් පොලිසියට ලැබී නොමැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම කිසිම පුද්ගලික තොරතුරක් නැතිව ඒ කෙල්ලව නවත්වා ගත්තු එක වැරැදියි. ඒ වගේමයි පොලිස් කම්ප්ලේන් දාලා තියෙන්නේ 26 ඉඳලා... අතුරුදන් වෙලා තියෙන්නේ 24. දවස් 02ක් යනකන් ප්‍රධාන මෙහෙණින් වහන්සේ දන්නේ නෑ... ඒ කට්ටිය නෑ කියලා. එහෙමද වගකීම් දරන්නේ..?
නන්නාඳුනන කෙනෙක් මහණ වෙන්න කියලා ආවාම කිසිවක් නොසොයා බාර ගන්නවා කියන්නේ... අනතුරක් කර ගැනීමක් තමයි හැඳුනුම්පත සමග ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේදී අනු අත්සන් කළ ග්‍රාම නිලධාරි සහතිකයක් ගත්තා නම් ඔය ප්‍රශ්න කිසිවක් නැහැ කියලා හිතන්නේ නැද්ද?
පන්සල් සහ ආරාම කියන්නේ වධකාගාර...
සිතට සහනය සහ සැනසීම ගැන දෙනවයි කියන ආගමික ස්ථානවලත් මෙවැනි සිදුවීම්වලට ප්‍රධානම හේතුව තමන් එම ස්ථානයට පැමැණීමේ ප්‍රධාන අරමුණ මොනවාදැයි හරියට තේරුම් නොගැනීමයි...