
(ජේ.ඒ.එල් ජයසිංහ සහ ෂේන් සෙනෙවිරත්න)
ඇසළ මංගල්‍ය නිමිත්තෙන් සාම්ප්‍රදායිකව වර්ෂයක් පාසා දඹාන ආදිවාසීන් සිදුකරන මී පැණි පූජාව ආදිවාසි නායක වන්නිල ඇත්තෝ ඇතුළු ආදිවාසීහු සිදු කළහ.
දළදා මාලිගාවේ සිදු කෙරෙන තේවා කටයුතු සඳහා අවශ්‍ය මී පැණි රාජ නියමයෙන් අතීතයේ සිට ආදිවාසීහු සපයනු ලබති.
ඇසළ පෙරහරේ පළමු රන්දෝලි පෙරහර දිනයේ දී එම මී පැණි පූජාව සිදුකරන අතර වනයෙන් නෙලාගත් නොඉඳුල් මී පැණි ආදිවාසීන් දළදා සමිඳුන් වෙත පූජා කිරීම එහි දී සිදු කෙරේ.
ආදිවාසි නායක වන්නිල ඇත්තෝ ඇතුළු 65 දෙනකුගෙන් සමන්විත පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්ව කරුණා බෝඩ් ලෑල්ලට මුවාවෙලා පෙරහරට ගහන නිරාගමික යයි කියා ගන්නා ජේවීපී අයියලාට ඇහේ කටු අනිනවා වගේ මේවා දකිද්දී...