
(නිමල කොඩිතුවක්කු)
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් පාසල් දරුවන් බේරා ගැනීමට වෙනමම බලකායක් ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
මත්ද්‍රව්‍ය ජාවාරම නිසා රටේ දරු පරපුර ඉතාමත්ම අන්තරාදායක තත්ත්වයට පත්ව ඇති බවත් ඊසි කෑෂ් වැනි ක්‍රමවේද හරහා මත් රකුසා පාසල් පද්ධතියත් පාසල් දරුවනුත් ගිලගෙන ඇති බවට නාගරික හා ගම්බද පාසල්වලට යන විට මාපියන් පවසන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
පාසල් පද්ධතයෙන් මත්ද්‍රව්‍ය ඉවත් කර ගැනීමට සීඝ්‍රගාමී වැඩපිළිවෙළක අවශ්‍යතාවක් ඇති බවත් ළමයින් කේන්ද්‍රීයව ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාමට එරෙහිව දැඩි නීති පද්ධතියක හා වැඩපිළිවෙළක අවශ්‍යතාවක් පවතින බවත් ළමුන් සඳහා වූ පාර්ලිමේන්තු සංසඳය කොළඹදී රැස් වූ අවස්ථාවේ දී ඔහු ප්‍රකාශ කලේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන විගඩම්ද? ඔය හැම මගුලම බෙදා හරින්නේ දේශපාලකයින්ගේ අතකොළු විසින්ම තමයි. අමුතු බලකායවල් ඕනෙ නෑ ඕක නවත්තන්න, වුවමනාවක් විතරයි ඕනේ. ඒත් ඔහෙලාට නැත්තෙත් ඒකම තමයි. දේශපාලකයින්ට ඕනෙ ප්‍රශ්න ඉවර වෙන්න නෙවෙයි.. වවාගෙන කන්න..
මුලින්ම දෙමාපියන්ව හික්මවා දැනුවත් කරන්න.