(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ශ්‍රි ලංකා වරාය අධිකාරිය සහ කළුබෝවිටියාන තේ කර්මාන්ත ශාලාව යන ආයතනවල අක්‍රමිකතා විමසීම සඳහා ඒවායේ ප්‍රධානීන් ලබන සතියේ කැඳවීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) තීරණය කර ඇත.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රධානීන් ලබන මස 5 වැනිදාද මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ප්‍රධානීන් ලබන මස 6 වැනිදාද කළුබෝවිටියාන තේ කර්මාන්තශාලාවේ ප්‍රධානීන් ලබන මස 8 වැනිදාද කෝප් කමිටුව හමුවට මෙසේ කැඳවෙනු ඇත.
මෙම ආයතනවල දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව විගණන වාර්තා මගින් තොරතුරු රැසක් අනාවරණය කර ඇති හෙයින් ඒවායේ ප්‍රධානීන්ගෙන් ඒ පිළිබඳව දීර්ඝව කරුණු විමසීමට බලාපොරොත්තු වන බව කෝප් කමිටුව පවසයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රධානීහු පසුගිය 22 වැනිදාද ජාතික භාෂා හා පුහුණු ආයතනයේ ප්‍රධානීහු පසුගිය 24 වැනිදාද කෝප් කමිටුව හමුවට කැඳවනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අපේ බදුසල්ලිවලට යන කල නේද. නැත්නම් මෙච්චර කලකට මේගොල්ල කරපු එක දෙයක් තියනවද?
රාජ්‍ය නාට්‍ය ජවනිකා