(විමුක්ති එස් රුද්‍රිගු)
ඉන්දියාවේ බුකීකරුවකු වන සෞරබ් චන්ද්‍රකාර් සහ රවී උත්පාල් නම් ඔහු ගේ සහායකයා ශ්‍රී ලංකාවේදී රැඳවුම් බාරයට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
සෞරබ් චන්ද්‍රකාර් ඉන්දියාවේ පාතාල නායකයකු වන ඩේවුඩ් ඉබ්‍රාහිම් ගේ උදව් ඇතුව අන්තර්ජාලයේ නීති විරෝධී ඔට්ටු ඇල්ලීමේ වෙබ් අඩවියක් පවත්වාගෙන ගොස් තිබෙන බව ඉන්දීය පොලිසිය ප්‍රකාශ කර තිබේ. ඉන්දියාවේ පැවැත්වූ නොයෙකුත් මැතිවරණ සඳහා මෙන්ම ක්‍රිකට් , බැඩ්මිටන් , පෝකර් සහ පාපන්දු වැනි ක්‍රීඩා තරඟ සඳහා ඔට්ටු ඇල්ලීම සඳහා මෙම වෙබ් අඩවිය නීත්‍යානුකූල නොවූ වේදිකාවක් සපයා ඇත.
ලැබෙන තොරතුරු නිවැරදි නම් ජාත්‍යන්තර පොලිසියේ ඉල්ලීමක් මත ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකාවේදී රැඳවුම් බාරයට ගෙන තිබෙන බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දී තිබේ.එසේම ශ්‍රී ලංකා බලධාරීන් ඔවුන් දෙදෙනාව ඉන්දියාවට පිටුවහල් කරනු ඇතැයිද ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
LPL වලට ආපු ගමන් වෙන්න ඇති...