හැට්ටේ අස්සේ සර්පයින් සඟවා පැමිණි කතක් අල්ලයි කාන්තාවක් තම හැට්ටයේ පණ ඇති සර්පයන් 5 දෙනකු සඟවා ගනිමින් චීනයේ ගුවාන්ග් ඩොන්ග් පළාතේ ෆූෂියාන් වරායෙන් හොංකොං නගරය බලා පිටත් වීමට උත්සාහ කිරීමේදී ශෙන්සෙන් රේගු බලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇත. 12 July 2023
තවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ඉවත් වෙයි තවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ 300 ක පමණ ආනයන සීමා එළඹෙන සතියේදී ලිහිල් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත. 12 July 2023
මහ කන්නයේ පොහොර සල්ලි ගිණුමට 2023/24 එළැඹෙන මහ කන්නයේ දී පොහොර මිල දී ගැනීම සඳහා ගොවීන්ට වවුචර් පත් නිකුත් කිරීමට කටයුතු නොකිරීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය. 12 July 2023
පාර මාරුවීමට ගිය තරුණිය ලොරියේ ගැටී මරුට හෝමාගම ගලවිලවත්ත ප්‍රදේශයේ දී හයිලෙවල් මාර්ගය හරහා පාර මාරුවීමට ගිය තරුණියන් දෙදෙනෙකු වෑන් රථයක ගැටී විරුද්ධ මන් තීරුවේ ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් අසලට විසිවී සිදු වූ අනතුරින් තරුණියක් මියගොස් තවත් තරුණියක බරපතළ තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි. 12 July 2023
උතුරු කොරියාව දිගු දුර මිසයිලයක් අත්හදා බලයි උතුරු කොරියාව ඇමෙරිකාවට අනතුරු අඟවමින්, දකුණු කොරියාවට සහ ජපානයට අනතුරක් වන ආකාරයට දිගු දුර බැලැස්ටික් මිසයිලයක් අත්හදා බැලුවේය. 12 July 2023
තරුණියන් දෙදෙනා යට කළ වෑන් රිය පන්නා අල්ලයි හෝමාගම ගලවිලවත්ත ප්‍රදේශයේ දී හයිලෙවල් මාර්ගය හරහා පාර මාරුවීමට ගිය තරුණියන් දෙදෙනකු වෑන් රථයක ගැටී එක් තරුණියක මරණයට පත් කර තවත් තරුණියක බරපතළ තුවාල කර පළා ගිය වෑන් රථ රියැදුරකු පසුපස කිලෝ මීටරයක් දුරට පන්නා පොලිස් නිලධාරියකු සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. 12 July 2023
ස්වීඩනයේ දී කුරාණය ගිනි ලෑම ජනපති හෙලා දකී ස්වීඩනයේ දී කුරාණයක් ගිනි තැබීමේ සිදුවීම හෙළා දකින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 12 July 2023
දැරියගේ පපුව අත ගෑ විදුහල්පති වසරක් හිර ගෙට විද්‍යා විෂයය උගන්වමින් සිටින අතරතුර 12 හැවිරිදි පාසල් සිසුවියකගේ පියයුරු ස්පර්ශ කිරීමෙන් එම සිසුවියට ලිංගික අතවරයක් සිදු කළ බවට අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි දැනට සක්‍රිය රාජකාරියේ නිතර විදුහල්පතිවරෙකු එකී චෝදනාවට වරද පිළිගත් පසුව ඔහුට වසරක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම එය වසර පහකට අත්හිටුවීමට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කළේය. 12 July 2023
හිමිනමක් ගිහි ඇඳුමකින් පාරේ වැටි අපවත් වෙලා තුන්පනේ පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක හිමි විහාරස්ථානයට යන මාර්ගයේ වැටී අපවත්වී සිටියදී සොයාගත් බව පොලිසිය කියයි. 12 July 2023
රත්නපුරේ රෝහල් තුනකින් ලංවීමට කෝටි අටක පොල්ලක් රත්නපුර ශීක්ෂණ මහ රෝහල, ඇඹිලිපිටිය දිස්ත්‍රික් රෝහල සහ තැලිගම දිස්ත්‍රික් රෝහල යන රෝහල්වල අටකෝටි හැටතුන් ලක්ෂ හයදහස් හාරසිය දොළහක හිඟ විදුලි බිල් 14දාට පෙර නොගෙව්ව හොත් එම රෝහල්වල විදුලිය විසන්ධි කරන බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට විදුලිබව මණ්ඩලය ෆැක්ස් පණිවියක් මගින් දැනුම් දී තිබේ. 12 July 2023
ලංකාවේ එළවළු ඉතාලියේ වවා ග්‍රීන් ඔස්කාර් සම්මානය දින ගනී 2023 වර්ෂය සඳහා ඉතාලියේ නාපොලි කම්පානියා පළාතේ නැගී එන කෘෂි ව්‍යවසායකයා ලෙස ග්‍රින් ඔස්කාර් සම්මානය ශ්‍රි ලාංකිකයෙකු හිමි වී ඇත. 12 July 2023
තුර්කි කතට කැත වැඩක් කළ යුද සෙබළා අල්ලයි මහනුවර සිට දඹුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් තුළදී තුර්කි ජාතික සංචාරක කාන්තාවකට ලිංගික අතවරයක් කළ යැයි කියන යුද හමුදා කෝප්‍රල්වරයෙක් දඹුල්ල මුලස්ථාන පොලිසිය විසින් පෙරේදා11 සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 12 July 2023
බටහිරට, සබරගමුවට සහ වයඹට සිහින් වැස්සක් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 12 July 2023
හිරුණිකාගේ නඩුව 14ට කල් යයි හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ රැකවලුන් පිරිසක් දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳ සැලකට ගොස් එහි සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් පහරදී සාපරාධී ලෙස බිය ගන්වන ලදැයි කියන නඩුවේ වැඩිදුර සාක්කි විමසීම සැප්තැම්බර් 14 වැනිදාට කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා කළේය. 12 July 2023
ඉන්දුනිසියා ධිවර යාත්‍රාවෙන් මෙරට යාත්‍රාවකට පෙට්‍රල් බෝම්බයක් මීගමුව ධිවර වරායෙන් ගොස් දකුණු මුහුදේ ධිවර කටයුතුවල යෙදි සිටියදි ඉන්දුනිසියානු බහුදින ධිවර යාතුාවකින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරිම නිසා පිලිස්සුම් තුවාල ලැබු ධිවරයකු ශ්‍රි ලංකා නාවික හමුුදාවේ ඩෝරා යාත්‍රායකින් ගාලු වරාය වෙත රැගෙන ඒමෙන් පසු අද රාත්‍රි කරාපිටිය රෝහලට ඇතුලත් කරන ලදි. 11 July 2023
පැමිණිල්ල කරන්න ගිය පුංචි මන්ත්‍රීට ගහලා පැමිණිල්ලක් කිරීමට ගම්පහ පොලීසියට ගිය තමාට පොලිසිය පහරදුන් බව කියමින් ගම්පහ මහ නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වන සමිත දිසානායක මහතා ප්‍රතිකාර සඳහා රෝහල් ගතව සිටීයි. 11 July 2023
සහානාධාර ගත් අයගෙන් සියයට 12 සල්ලි කාරයන් ශ්‍රී ලංකාවේ ඉහළම ආදායම් පන්තියේ සිටින අයගෙන් 12% ක ප්‍රමාණයක් රජය මගින් ලබාදෙන සහනාධාර ලබන බවට වාර්තා කොට ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි 11 July 2023
උසස් පෙළට දින දෙයි අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ආරම්භ වන දිනය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් ප්‍රකාශයට පත්කර තිබේ. 11 July 2023
දුම්රිය ආරක්ෂා කරන්න හමුදාව මදි දුම්රිය ආරක්ෂක හමුදාවේ ආරක්ෂක නිලධාරී පුරප්පාඩු 300 ක් පමණ නොපිරවීම නිසා එම ආරක්ෂක අංශයේ වැඩ කටයුතු අඩාල වී ඇතැයි දුම්රිය ආරක්ෂක හමුදා ආරංචි මාර්ගවලින් වාර්තා වේ. 11 July 2023
පඬු කරඳ ගස කැපුයේ කැබිනට් අනුමැතියෙන් මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියට බාධාවක්ව පැවති මතභේදයට තුඩුදුන් පඬු කරඳ ගස කපා ඉවත් කළේ ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 11 July 2023
අපරාජිත සිංහ පැටවු යළි මෙරටට සිම්බාබ්වේ හී දී පැවති සුදුසුකම් ලැබීමේ තරගාවලිය අපරාජිතව නිමා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (11) රාත්‍රීයේ පැමිණියහ . 11 July 2023
සිව් මසක බිලිඳෙක් දස හැවිරිදි දරුවකුට දී අයෙක් පැනයයි හොරණ ගල් ඒදඩුගොඩ ප්‍රදේශයේ නිවසකට පැමිණි මත්ද්‍රව්‍යවලට දැඩිව ඇබ්බැහි වූ පුද්ගලයෙක් සිව් මසක කුඩා බිලිඳෙක් දස හැවිරිදි දරුවකු වෙත භාරදී පලාගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලීසිය කියයි 11 July 2023
කොළඹ රාජකීයයේ විදුහල්පතිට අධීකරණයේ පෙනී සිටින්නැයි නියෝග රුපියල් ලක්ෂ තුනකට අධික සේවක අර්ථසාධක අරමුදල් නොගෙවා පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව ගොනුකර තිබූ නඩුවකට අදාළව කරුණු විමසීම සදහා කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයාට ලබන 13 වැනිදා අධීකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය සිතාසි නිකුත් කර ඇත. 11 July 2023
ජනපතිගෙන් ගැසට් නිවේදනයක් ජන හා නිවාස සංගණනයක් සිදු කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 11 July 2023
කෝටි 16 රන් ජෙල් පන්නන්න බැරිවේ රුපියල් දහසය කෝටි හතලිස් ලක්ෂයක වටිනා රත්තරන් ජෙල් සහ කුඩු තොගයක් ඉන්දියාවේ චෙන්නායි වෙත රැගෙන යාමට සූදානම් වූ ව්‍යාපාරිකයන් පස් දෙනකු කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගත් බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය කියයි . 11 July 2023
වරාය නගරයට ගැසට්ටුවක් කොළඹ වරාය නගරයේ රෙගුලාසි ප්‍රකාශයට පත් කරමින් රජය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත. 11 July 2023
පැමිණිල්ල විභාගයට ඇවිත් පොලිසියේ දී වලියක් දාගෙන පැමිණිල්ලක් විභාග කරන අතරතුර අහංගම පොලිස් ස්ථානය තුළ මහජනය අපහසුතාවට පත්වන අයුරින් කළහාකාරි ලෙස හැසිරී, දබර කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරියක්, ඇගේ සැමියා හා සැමියාගේ නැගණිය අත්අඩංගුවට ගත් බව අහංගම පොලිසිය පවසයි. 11 July 2023
ජලය සුරකින්න ජාතික ප්‍රතිපත්තියක් ජාතික ජල සම්පත් ප්‍රතිපත්තිය හා ක්‍රියාත්මක කිරීමේ කළමනාකාර යාන්ත්‍රණය සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 11 July 2023
හරියට තොරතුරු නෑ: කෝටි 70 ක් බැර කිරීම නවතී වතු ක්ෂේත්රයේ සමාගම් කිහිපයක් සේවක අර්ථසාධක අරමුදල වෙනුවෙන් ගෙවන ලද රුපියල් කෝටි 70ක පමණ මුදලක් ලබාදී ඇති තොරතුරුවල පරස්පරතා හේතුවෙන් ගිණුම්ගත කිරීමට නොහැකිවී පවතින බව විදේශ රැකියා සහ ශ්‍රමය පිලිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය. 11 July 2023
වී අලෙවි මණ්ඩලය නැවත වී මිලදී ගන්න අත ගසයි වී අලෙවි මණ්ඩලය මගින් නැවතත් වී මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ. 11 July 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026