
(ටී.කේ.ජී.කපිල සහ යොහාන් භාසුර)
රුපියල් විසි නව කෝටි දස ලක්ෂයක් වටිනා මැණික් තොගයක් නීතිවිරෝධී ලෙස ඉන්දියාවට රැගෙන යාමට තැත් කළ කාන්තාවක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය .
ඇය කොළඹ , ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවකි .
ඇය අද (30) අලුයම 03.13 ට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 274 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මෙම කාන්තාව ඇද සිටි ඇදුම් අතර කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 311 මිලි ග්‍රෑම් 75 ක් ( 2311.75 g ) බරැති මෙම මැණික් තොගය සගවා ගෙන තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දාහකට එකක් විතර තමයි අහුවෙන්නෙ. මේ ව්‍යාපාරික කාන්තාවම මීට පෙර කොයි තරම් ගෙනියන්න ඇත්ද.
මෙය නීති විරෝධීද?
මැණික් පොදිය ඇල්ලුවට ගෝලයෝ දම්මලා මහබැංකුව කොල්ලකාපු එකේ මහ මොළ කාරයාව අල්ලන්න තවම බැරි උනානේ ?