(නිමල කොඩිතුවක්කු)
සම්පූර්ණයෙන්ම අවුල් වියවුල් වූ ආණ්ඩුවට අස්වැසුම වැඩසටහනට හරි වැඩපිළිවෙළක් නොමැති බවත් ඔවුන්ගේ ඉලක්කය ඊළඟ මැතිවරණය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොලඹදී අද(30) පැවසීය.
බොරුව වංචාව හොර ගණුදෙනු ඇතුලත් ආණ්ඩුවේ දේශපාලන සූදුව නතර නොවී බංකොලොත්භාවයෙන් රට ගොඩ ඒමට නොහැකි බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
රට බංකොලොත් කළ පුද්ගලයන්ම රට හදනවා යැයි කීම විහිළුවක් බවත් විපක්ෂ නායක කාර්යාලයේ දී අස්වැසුම වැඩසටහන නිසා අපහසුතාවට පත් ග්‍රාමනිලධාරීන් සමඟ සිදු කළ සාකච්ඡාවකදී ඔහු පැවසීය..

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ යකත් ඔය ආන්ඩු වල හිටිය නේද ... අර උස අයට මියි අයට රක්ශ දෙන ගමන් නිදන් හාර හාර lol
ඔයා හිතන්නේ ඔයා කියන ඒවා අපි සීරියස් ගන්නවා කියල ද?හහ් හහ්
තමන්ටම තේරුන එක හොඳයි!
ඇත්ත , ඒකත් හරියට රට හාරපු අය රට හදන්න ඉල්ලනව වගේ .
ඕක මොකක්ද අප්පුහාමි සමහරු ජනසවිය පිටේ නැගල , එහෙම නැත්නම් කුකුල් කුඩු වගේ ගෙවල් රටවටේ හදල , පන්සල් වලට රු 50,000 ගන්නේ දීල , ඒ වගේම උස අයට සිකුරිටි හා මිටි අයට කම්කරු රැකියා දීලත් ගොඩ යන්න මානබලපු තැනක්නේ මේ . ඊට අමතරව රටවටේ නිධන් වලටත් වැඩේ දුන්න කියල මිනිස්සු කියන්නේ .
මෙයාගේ කතාවට අපි දැන් කොහෙන්ද හිනහ වෙන්න ඕන? පාලන කාලයන් 2කකම කැබිනට් ඇමතිවරයෙක්.එජාප කාලයේ රට විනාශකල කල්ලියේ බහුතරය මෙයා එක්ක.පිස්සු නේ.