(ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලංකාවේ අධිකරණ දෙකක් මගින් ගුවන් ගමන් තහනම් පනවා තිබූ පුද්ගලයෙක් , කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන කවුළුවලට හොරෙන් , ඉන්දියාවට පළා යමින් සිටියදී , ඔහු ගමන් කළ ගුවන් යානය තුළ රදවා අද(30)  ආපසු ගෙන්වා ගැනීමට ආගමන විගමන නිලධාරීන් සමත් වී තිබේ.

මොහු 45 හැවිරිදි යාපනය ප්‍රදේශයේ පදිංචි ද්‍රවිඩ ජාතිකයෙකි .

ඔහුට එරෙහිව යාපනය දිස්ත්‍රික්කයේ පේදුරුතුඩුව සහ මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණ මගින් රටින් පිටවීම තහනම් කරමින් ගුවන් ගමන් තහනම් දෙකක් පනවා තිබුණි .

එසේ තිබියදී ඉන්දියාවේ මුම්බායි වෙත පිටත්ව යාම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 141 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .