(සුරංග රාජනායක)
දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් දෙදෙනෙකු දෙමටගොඩ සංඥා හා විදුලි අංශයේ උපකරණ තොගයක් සොරා ගෙන දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවකු සතු කැබ් රථයකින් රැගෙන පළා යාමට උත්සාහ ගැනීමේදී දුම්රිය ආරක්ෂක අංශ නිලධාරීන් විසින් එම සැකකරුවන් හා කැබ් රථය අත්අඩංගුවට ගෙන ඇත.
දුම්රිය ආරක්ෂක නිලධාරීන් පවසන්නේ මොවුන් රැගෙන ආ කැබ් රථයට මෙම දුම්රිය උපකරණ හොර රහසේ පටවා අංගනයෙන් පිටවීමට උත්සාහ කිරීමේ දී මොවුන් අල්ලා ගත් බවය.
එම අවස්ථාවේ රාජකාරි කරමින් සිටි ආරක්ෂක නිලධාරීන් දෙදෙනා සමඟ මෙම සැකකරුවන් දෙදෙනා පොරබදා කැබ්රිය ද එහි දමා පලා ගොස් ඇති අතර කැබ්රිරියේ යතුරද මොවුන් රැගෙන ගොස් ඇත.
ඒ අනුව සිද්ධිය වූ 29 දින දවස පුරාම කැබ් රථය හා සොරාගත් දුම්රිය උපකරණ වලට ආරක්ෂාව යෙදවීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd