(මොහොමඩ් ආසික්)
විවිධ ගිනි අවිවලට භාවිතා කරන ජීව උණ්ඩ 11 ක් සහ හිස් උණ්ඩ කොපු පහක් සමඟ සැකකරුන් තිදෙනකු අලවතුගොඩ දී අත්අඩංගුවට ගත් බව අකුරණ පොලිසිය කියයි.
අලවතුගොඩ අකුරණ නගරයේදී සැක කටයුතු ලෙස නවතා තිබූ ත්‍රී රෝද රථයක් සම්බන්ධයෙන් අවධානය යොමු කළ බුද්ධි අංශ නිලධාරි සැරයන් ජයසෝම මහතා එම ත්‍රී රෝද රථයේ සිටි පුද්ගලයකු පාරේ පැමිණි පුද්ගලයකුට පාර්සලයක ලබා දෙන අයුරු නිරීක්ෂණය කර තිබේ.
මේ ගැන සැක සිතූ බුද්ධි අංශ නිලධාරියා ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී එම පාර්සලයේ ජීව උණ්ඩ තොගයක් තිබෙනු දැක තිබේ.
එම අවස්ථාවේදී බුද්ධි අංශ නිලධාරි මහතා අලවතුගොඩ පොලීසිය දැනුවත් කර පොලිස් නිලධාරින් කැඳවා කළ පරීක්ෂණයේදී එම පාර්සලයේ තිබී ටී. 56 වර්ගයේ ගිනි අවිවලට භාවිතා කරන ජීව උණ්ඩ තුනක්, බෝර 12 ගිනි අවිවලට භාවිතා කරන ජීව උණ්ඩ හතක්, සහ 84 එස් වර්ගයේ ගිනි අවිවලට භාවිතා කරන ජිව උණ්ඩ එකක් ඇතුළුව ජීව උණ්ඩ 11 ක් සහ හිස් පතරොම් කොපු පහක්ද පොලීසිය මගින් සොයා ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd