
(යොහාන් භාසුර)
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරින් සහ ඖෂධවේදීන් 50කට පමණ ඇමරිකානු ආහාර සහ ඖෂධ නියාමන අධිකාරියේ විශේෂ පුහුණුවක් කොළඹ පදනම් ආයතනයේදී අද (30) පැවැත්විණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය ප්‍රමිතියෙන් යුතු ආයතනයක් බවට පත් කිරීම පුහුණුවේ අරමුණයි.
අධිකාරියේ සභාපති මහාචාර්ය එස්. ඩී. ජයරත්න පැවසුවේ ඇමරිකානු ඖෂධ හා ආහාර පිළිබද අධිකාරිය වන එෆ්.ඩී.ඒ ආයතනයේ අභාෂය ගනිමින් ඉදිරියේදී ඖෂධ ගෙන්වීම හා නියාමනය කිරීමේදී එම ආයතනයේ උපදෙස් ගන්නා බවය.
ඉදිරියේදී තත්වයෙන් බාල ඖෂධ නිෂ්පාදනය අවම කරගැනීම සදහා මෙම දැනුම ඖෂධවේදීන් භාවිතා කරනු ඇතැයි සභාපතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකාවේ ගැටළු දේශපාලන, ආර්ථික, සමාජීය හෝ ආයතන තුල පවතින අර්බුද ගැටළු විසදීමට උත්සහ කරනු ලබන සියල්ලෝම / ආයතනන මාධ්‍ය සාකච්චා පවත්වමින්, ඔවුනට පවතින ගැටළු, අසරණවු මහජනයා වෙතම ඉදිරිපත් කිකරමින් ඔවුන්ගේ අසරණ බවය කියා සිටීම එමපුද්ගලයන්ගේ නොහැකියාව, කිසිදු නිර්මාණශිලිත්වයක්, කැපවීමක් නොමැතිවීම සහ අසරන බව මනාවට පැහැදිලි කිරීමකි. මාධ්‍ය සකජා පැවැත්වීමෙන් ගැටළු විසදීය නොහැක. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරින් සහ ඖෂධවේදීන් 50කට පමණ ඇමරිකානු ආහාර සහ ඖෂධ නියාමන අධිකාරියේ විශේෂ පුහුණුවක් කොළඹ පදනම් ආයතනයේදී පවත්වා ඔවුන්ගේ ආයතන සහ යාන්ත්‍රනය පවත්වාගෙන යා යුතුවන්නේ කෙසේද කියා දැනුවත් කිරීම අගය කල යුතුවේ.