(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
රථවාහන වරදක් සම්බන්ධයෙන් නීති මගින් කටයුතු නොකිරීමට රුපියල් 15,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත්තේ යැයි කියන යාපනය, මල්ලාවි පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඊට ආධාර අනුබල දුන්නේයැයි කියන පොලිස් සැරයන් වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පවසයි.
ජේ සී බී. වර්ගයේ යන්ත්‍රයක්පදවාගෙන ගිය රියදුරෙකුට එම රථය පදවාගෙන පදවා ගෙන යාමට බලපත්‍රයක්සහ එහි ආදායම් බලපත්‍රයනොතිබීම හේතුවෙන්ඒ සඳහා අධිකරණයේ නඩු පවරා නොකිරීමට රුපියල් 25,000 ක මුදලක් මුලින්ම ඉල්ලා ඇතැයිඅල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
සැකකාර පොලිස් කොස්තාපල්වරයා එම අවස්ථාවේ රුපියල්12,500මුදලක් රියදුරාගෙන් ලබාගෙන ඉතිරි මුදල ලබා දෙන තෙක් රියදුරාගේ ජාතික හැඳුනුම්පතඔහු සන්තකයේ තබා ගෙන ඇතැයි කොමිසම පවසයි.
මුදා හරින ලද රියදුරාට ජංගම දුරකථනයෙන් කතා කර ඉතිරි මුදල වූ රුපියල් 15,000 ක මුදල ඉල්ලා ඇතැයිකොමිසමේ එම එම උසස් නිලධාරියා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd