(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ලිලිත් නවරත්න)

ආරච්චිකට්ටුව කරුක්කුලිය මහා විදුහල් භූමියට අද 31 අලූයම අලින් රංචුවක් පැමිණීමත්  සමගම පාසල වසා දමා පැමිණ සිටි දරුවන් ආරක්ෂිතව නිවෙස් කරා යැවීමට කටයුතු කළ බව විදුහල්පතිවරයා පැවැසීය.

අලි තිදෙනකුගෙන් සමන්විත මෙම කණ්ඩාය පාසලට පැමිණීමත් පාසලේ සිටි ගුරු භවතුන් ශීෂ්‍ය ශිෂ්‍යාවන් කලබලයට  ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.

අද අලුයම  6 . 30   පාසලට පැමිණි දරුවන් පිරිසක් වල් අලින් දැක ඇති අතර එම සිද්ධිය ආරංචි වීමත් සමග සියලූ මව්පියන් පාසලට පැමිණ දරුවන් පාසලෙන් රැගෙන යාමට කටයුතු කර ඇත.

අනතුරුව පාසලේ විදුහල්පති නිලාන් දර්ශන මහතා මෙම සිද්ධිය පොලීසිය දැනුවත් කර පාසලට  පැමිණෙමින් සිටි දරුවන් ආපසු හරවා යවා   පාසල තාවකාලිකව වසා දැමීමට පියවර ගත්තේය. දරුවන් 300ක පමණ ප‍්‍රමාණයක් මෙම පාසලේ අධ්‍යාපනය ලබන අතර ආචාර්ය මණ්ඩලය 17කි.

වනජීවි නිලධාරීහු පොලිසිය සහ ප්‍රදේශවාසීන්ගේ සහායෙන් අලි පලවා හැරීමට කටයුතු කරති.