(ගයාන් සූරියආරච්චි)

පොලිස්  විශේෂ කාර්ය බළකායේ නව නියෝජ්‍ය අණදෙන නිලධාරී (මෙහෙයුම්) වශයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.ඩී.ඩී.කේ. හෙටිටිආරචිචි  මහතා ඉකුත් දා වැඩ බාරගත්තේය.

කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය හැදෑරූ ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ මානව හිමිකම් නීතිය පිළිබදව පශ්චාත් උපාධිය සහ අන්තර් ජාතික මානුෂික නීතිය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙක් ද වෙයි.

තායිලන්තයේ  කෙසටිසර් විශ්ව විද්‍යාලය, මැලේසියාවේ යු. පී.එම්  විශ්ව විද්‍යාලය සහ උතුරු ඉංදියාවේ හරයානා  යන විශ්ව විද්‍යාලවල උසස් අධ්‍යාපනය හදාරා තිබේ.

උතුරු පළාත භාර කලාප අණදෙන නිලධාරී තනතුරේ සිට විශේෂ කාර්ය බළකායේ ප්‍රභූ ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂ, සෝදිසි හා බෝම්බ නිශ්ක්‍රීය අංශයේ අධ්‍යක්ෂ සහ අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂ වශයෙන් ද ඔහු කටයුතු කළේය.

1988 දී විශේෂ කාර්ය බළකායට උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස වශයෙන් බැඳුණු ඔහු විවිධ නිලතල හා තනතුරු හොබවමින් වසර 35 ක අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ද වෙයි.