(යොහාන් භාසුර)
මඩු පාර රක්ෂිතයේ හෙක්ටෙයාර් 56.8 ක් ප්‍රදේශයක් ගැසට් නිවේදනයක් හරහා ජනතාව මුදාහැරි බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියේ පැවසීය.
එම ප්‍රදේශයේ ජනතාව කළ ඉල්ලීම් සලකා බලා මේ පියවර ගත් බවත් එම ඉඩම් කොටසේ පවතින කුඹුරු ඉඩම් වසර ගණනවක් ජනතාව වගා කළ ඒවා බවත් එම නිලධාරියා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ වන ඝනත්වය ඉතාම අවදානම් මට්ටමක තියෙන්නේ .අලි මිනිස් ගැටුම තියෙන රටවල් අතර ලොකෙන්ම දෙවනි තැන .සතුන්ට නිජ භූමි අහිමි වෙලා .ලෝකෙ වැඩි අලි මරණ වාර්තා වෙන රට . දවස ගානෙ අලියා ගානෙ මැරෙනවා.බලයට තියෙන කෑදර කමට පාලකයො මෙහෙම කරන්න හොද නැ. ලංකාව දේශපාලුවන්ගෙ භූදලයක් නෙවෙයි .
ඔව් ඔව්. ඡන්දෙ බලාගෙන රක්ෂිත දෙමු. ඊට පස්සේ මෙයාලා ගෙදර යයි. රට තමයි කාන්තාර වෙන්නෙ
ඉතුරු වෙලා තියෙන කැලේ ටිකත් කොහොම හරි ඉවර කරන්න. වන රක්ෂණය කරන හැටි නම් නියමයි.
රක්ෂිතයේ ඉඩම් මහජනයාට දෙන්න මෙම නිලධාරියා කවුද ? ඔහුට බලය පවරා ඇත්තේද? වනසතුන් ගෙන් වන හානි වලට වගකියන්නේ කවුද
2012 වර්ෂයේදී මන්නාරම මඩු රක්ෂිතය රක්ෂිත භූමියක් බවට නම් කර ඇති නමුත් මේ වන විට වන විට අක්කර ගණනාවක් එළිපෙහෙළි කර ඇත. මිනිස් ජනාවාස සඳහා ඉඩම් ලබාදීම අවශ්‍ය නමුත් රක්ෂිත එළි පෙහෙළි කර ඉඩම් ලබාදීම කිසිසේත්ම සුදුසු නොවේ . ඉන් සිදුවන්නේ වසර ගණනාවක් තිස්සේ තම වාසභූමිය කරගෙන ඇති සත්ව නිජබිම් අහිමි වී යාම හා ශාක විශේෂ වඳ වී යාමයි. ලෝකයේ අලි ඇතුන් ගාතනය අතින් අංක 1 ස්ථානයත්, පරිසර විනාශය අතින් හතරවන 4 වන ස්ථානයක් ලබාගෙන ඇති ලංකාවට මේ වන විට නැවත නැවතත් සිතිය යුතු කාලය එළඹ ඇත. අපේ පරම්පරාව විතරක් නෙමෙයි මින් මතු පරම්පරාවට ද අප මෙම පරිසරය සුරැකිය යුතුය. අනාගතයට වැරදි පූර්වාදර්ශයක් ලබාදීමෙන් සිදුවන්නේ ලංකාව ජීවත්වීමට නොහැකි තැනකට ඇද දැමීමයි. වැඩිදුර කරුණු කාරණා අවශ්‍ය නෑ. මෙවර නියං කාලගුණය හේතුවෙන් මිනිසා පමණක් නොව සතුන් ද බොහෝ පීඩාවට පත්වූ බව ඔබ අප සියළු දෙනාම දන්නා කරුණකි. මිනිස් ජනාවාස ලබාදීමට කැලෑ එළි පෙහෙළි කිරීමට වැරදි පූර්වාදර්ශයක් දුන් ප්‍රාදේශීය ලේකම්වරිය ට එරෙහිව ද නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ නම් වඩා උචිතය. මඩු රක්ෂිතය රක්ෂිතයක් ලෙස ම නම් කරන ලෙස ඉල්ලා සිටිමි.