(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කෝන්වැව ප්‍රදේශයේ අතුරු මාර්ගයක ගෙළ කපා ඝාතනය කරන ලද යුද හමුදා සෙබළකුගේ මළ සිරුර අද (30) සොයා ගත් බව පදවිය පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ බෝගහවැව, වෙහෙර තැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි සංජීව කරුණානායක නැමැති 35 හැවිරිදි අයෙකි.
ඔහු ඝාතනය කර දමා තිබූ ස්ථානයට නුදුරින් ත්‍රීරෝද රථයක් ද තිබී පොලිසිය සොයා ගෙන ඇත.
මීට වසර කිහිපයකට ඉහත දී සිදු වූ රිය අනතුරකින් මොහු ආබාධිත තත්ත්වයට පත් වී කිහිලි කරු ආධාරයෙන් ගමන් කරන අයෙකි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd