විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ඩොලර් මිලියන 573 ක් විදේශගත ශ්‍රමිකයන් පසුගිය ජනවාරි මස ප්‍රේෂණ ලෙස මෙරටට ඩොලර් මිලියන 573 ක් ඒවා ඇති බවත් එය පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව සියයට 17.5 ක වර්ධනයක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 09 February 2025
රට පුරා විදුලි බිද වැටීමක් රට පුරා විදුලිය බිඳවැටීමක් මීට පැයකට පමණ ආසන්න කාලයකට පෙර සිදුවී ඇතැයි විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි. 09 February 2025
ගුරු යුවළ නි.විදුහල්පති පැහැරගෙන ගොස් පහරදීලා බියගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ විදුහලක නියෝජ්‍ය විදුහල්පතිවරයකු ජීප් රථයකින් පැහැරගෙන ගොස් පහර දුන් බව කියන ගුරු යුවළක් අත්අඩංගුවට ගත් බව බියගම පොලිසිය පවසයි. 09 February 2025
ගිනි අවියක්-ජීව උණ්ඩ රැගෙන පීසී පැන ගිහින් ගල්කිස්ස පොලිසියට අනුයුක්ත ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු ටී 56 ගිනි අවියක් හා ජිව උන්ඩ 30 ක් රැගෙන පලා ගොස් ඇතැයි උසස් පොලිස් නිලධාරියකු පැවසීය. 09 February 2025
උමාඔයෙන් අසරණ වුවන්ට සහන දෙනවා උමා ඔය ව්‍යාපෘතිය හෙතුවෙන් අසරණ වු ජනතාවට සහන සැලසිම වෙනුවෙන් පුළුල්ව සොයා බලා රජයට නිර්දේශ ලබාදීමට කැබිනට් අනුකමිටුවක් පත් කිරිමට සහ එම යෝජනාව පෙබරවාරි අවසන් වීමට පෙර කැබිනට් මණ්ඩලයට යොමු කිරිමටත් තීරණය කළ බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය. 09 February 2025
ත්‍රිරෝද රියක් මස් කළ තුනක් අල්ලයි සොරකම් කරන ලද ත්‍රිරෝද රථයක් කොටස් වලට ගලවමින් සිටි සැකකරුවන් තිදෙනෙකු හැටන් පොලිසිය අත්අඩංගුවට ගත් බව හැටන් මුලස්ථාන පොලීසිය කියයි. 09 February 2025
මත් ජාවාරම්කරුවෙක් ඇතුළු 6ක් මාට්ටු හොරණ බටු විට ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ නිවසක් වටලා එම ජාවාරම්කරු ඇතුළු පුද්ගලයන් හය දෙනකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි. 09 February 2025
කල් ඉකුත් වූ රට ඉඳි තොගයක් පිටකොටුවේ කල් ඉකුත් වූ රට ඉඳි තොගයක් අළෙවියට සූදානම්කර තිබියදී පිටකොටුව පරනයොන්වීදියේ වෙළඳ සැලකින් පාරිභෝගික අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් වැටලීම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 09 February 2025
ප්‍රබල භූමි කම්පාවකින් කැරිබියානු දූපත් කැලඹේ කැරිබියානු දූපත් ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. ඇමෙරිකන් භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවැසුවේ, භූමි කම්පාව රික්ටර් පරිමාණයේ ඒකක 7.6 ක් සටහන් කළ බවය. 09 February 2025
ෆිච් රේටින්ග්ස් ලංකාව ඉහළින් තබයි මෙරට දිගු කාලීන ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දැමීමෙන් පසුව ඇමෙරිකාව පදනම් කරගත් ණය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් මෙරට රක්ෂණ සමාගම් 4 ක ජාතික රක්ෂක මූල්‍ය ශක්තිය ශ්‍රේණිගත කිරීම ඉහළ දමා ඇත. 09 February 2025
අදත් වැසි රහිත කාලගුණයක් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 09 February 2025
වසර 27 කට පසු දිල්ලිය මෝදිට ඉන්දියාවේ නවදිල්ලි අගනුවර අයත් දිල්ලි ප්‍රාන්තයේ බලය වසර 27 කට පසු භාරතීය ජනතා පක්ෂය සතු විය. ඒ, පසුගිය 5 වැනිදා පැවැති දිල්ලි ප්‍රාන්ත සභා මැතිවරණය ජය ගනිමිනි. 09 February 2025
ට්‍රම්ප්ගේ USAID තහනමට අධිකරණය හරස් වෙයි එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සියේ (USAID) සේවකයන් 2,200ක් වැටුප් සහිත නිවාඩු මත තැබීම සඳහා, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දුන් විධායක නියෝගයට ඇමෙරිකන් අධිකරණයක් හරස් වී ඇත. ඒ, එම විධායක නියෝගයකට තාවකාලික තහනමක් පනවමිනි. 09 February 2025
සහල්මෝල් හිමියන්ගේ ලාභය දැනගතහොත් පුදුම වෙනවා මහා පරිමාණ සහල්මෝල් හිමියෙක් ලබන ලාභය පිළිබඳව ජනතාව දැනගතහොත් පුදුමයට පත්වන බවත් වී මිල තීරණය කිරීමේදී සහල්මෝල් හිමියන්ගේ සියලුම වියදම් සහ ආදායම් පිළිබඳ අවධානය යොමු කළ බවත් ජාතික පසු අස්වැනු කළමනාකරණ ආයතනයේ අධ්යක්ෂ අශෝක රත්නායක පැවසීය. 08 February 2025
විදේශ සේවයේ පත් කිරීම් ගැන විදේශ සේවා සංගමය කනස්සල්ලෙන් දේශපාලන වරදාන ලෙස මහ කොමසාරිස් ධුර සහ තානාපති ධුර පිරිනැමීමේ දීර්ඝ සහ අතිශය කණගාටුදායක සම්ප්රදාය ඉදිරියට රැගෙන යමින් විදේශ සේවය සඳහා ජාතික ජන බලවේග රජය දේශපාලන පත්වීම් ලබාදීම සිය සංගමයේ පමණක් නොව මුළු රටේම කණස්සල්ලට හේතුවී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය පැවැසුවේය. 08 February 2025
අයි.එම්.එෆ් සිව් වන වාරිකය ලෙස ඩොලර් මිලියන 333 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති වැඩසටහනේ ප්‍රමිතීන්ට අනුකූලව ’’2025 අයවැය’’ ඉදිරිපත් කිරීම සහ පෙර එකඟවූ කොන්දේසි ඉටු කිරීම මත පසුගිය නොවැම්බර් කාර්ය මණ්ඩල එකඟතාවයකට පැමිණි තෙවැනි සමාලෝචනයට විධායක කමිටුවේ අනුමැතිය ලැබෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලී කොසැක් මහත්මිය පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී පැවැසුවාය. 08 February 2025
නිල සංචිත ඩොලර් මිලියන 57 කින් පහළ යයි පසුගිය දෙසැම්බර් මාසයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ නිල සංචිත ජනවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.065 දක්වා සියයට 0.9 ක ප්‍රතිශතයකින් එසේත් නැතිනම් ඩොලර් මිලියන 57 කින් පහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වාදෙයි. 08 February 2025
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රීවරයෙකුට ප්‍රහාරයක් එරාවුර් පොලිස් ස්ථානය ඉදිරිපිටදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් පක්ෂයේ (SLMC) මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් සාලි නලීම් මහතාට පුද්ගලයෙකු විසින් පහරදීම හේතුවෙන් එරාවුර් මූලික රෝහලට අද (08) ඇතුළත් කර තිබේ. 08 February 2025
පාස්පෝට් කාර්යාලයට නව පොලිස් මුරපොළක් බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පැමිනෙන ජනතාව ආරක්ෂාව සඳහා සහ ජනතාවට සහාය සඳහා නව පොලිස් මුරපොලක් ස්ථාපිත කිරීමට තීරණය කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යය ආනන්ද විජේපාල මහතා පැවසීය. 08 February 2025
’බිම්ස්ටෙක්’ මහලේකම් අගමැති හරිනි හමුවෙයි ’බිම්ස්ටෙක්’ සංවිධානයේ මහලේකම් සහ තානාපති ඉන්ද්‍රා මනි පාණ්ඩේ මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි. 08 February 2025
ත්‍රීරෝද රථයක් ලොරියක ගැටී අයෙක් මරුට පොළොන්නරුව දීපඋයන ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක පිටුපස ත්‍රීරෝද රථයක් ගැටී අද (08) සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස්, තිදෙනකු බරපතල තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොළොන්නරුව පොලිසිය කියයි. 08 February 2025
පොලිස් ලොක්කෝ 6කට ස්ථාන මාරු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිව් දෙනකුට සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි 08 February 2025
ලී කොටන් දෙකකට යටවී අයෙක් මරුට ලොරියකින් ලී කොටන් බාමින් සිටී පුද්ගලයෙකු ලී කොටන් දෙකකට යටවී මියගොස් ඇති බව එගොඩ උයන පොලිසිය පවසයි. 07 February 2025
ශක්තිමත් ආර්ථික අත්තිවාරමක යළි නැඟී සිටින්න එන්න ශක්තිමත් ආර්ථික අත්තිවාරමක සිට නැවත නැඟී සිටීමට එක්වන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලාංකේය අපනයනකරුවන්ට ආරාධනා කර සිටියේය. 07 February 2025
ක්‍රිෂ් ගොඩනැගිල්ල අදත් ගිනි ගනියි කොළඹ කොටුවේ පිහිටි ක්‍රිෂ් ගොඩනැගිල්ල දෙවැනි දිනටත් යළි ගිනි ගෙන ඇත. 07 February 2025
වතුකරයේ ආපදා අවදානම් පාසල්වලට කඩිනමින් විසඳුම් වතුකරය ආශ්‍රිතව ආපදා අවධානම් සහිත පාසල් 35ක් ඇති බව අනාවරණය වූ බවත්, ඉදිරියේදී එම පාසල් හඳුනාගෙන කඩිනමින් විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවත් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය. 07 February 2025
දුම්රිය දමා පළාගිය රියදුරුගේ වැඩ තහනම් කොළඹ කොටුවේ සිට බෙලිඅත්ත බලා ධාවනය කරමින් සිටි දුම්රිය කොග්ගල දුම්රිය ස්ථානයේ නවතා බලාගිය රියදුරුගේ සේවය අත්හිටුවූ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනා ගමන) එන්. ජේ. ඉදිපොළගේ මහතා අද (7) පස්වරුවේ පැවසීය. 07 February 2025
මණ්ඩලයේ ජලය ගැන බියක් වෙන්න එපා සාකච්ඡාවට භාජනය වී ඇති ජල පිරිපහදුවට භාවිත කරන හුණු තොගය පවිත්රීකරණ ක්‍රියාවලියකට යොදාගෙන නොමැති බවත් විශාල පිරිවැයක් දරා සපයන ජලය පිළිබඳව කිසිඳු බියක් ඇති නොකරගන්නා ලෙස ඉල්ලා සිටින බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 07 February 2025
බිම්ස්ටෙක් තරුණ සමුළුවට ලංකා කණ්ඩායම යයි ඉන්දියාවේ අහමදාබාද් හි පැවැත්වෙන බිම්ස්ටෙක් තරුණ සමුළුව සඳහා සහභාගී වන තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ඇතුළු කණ්ඩායම අද (7) දිවයිනෙන් පිටත් වූහ. 07 February 2025
මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසියි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කළ යුතු බවට ඉදිරිපත් කෙරුණු පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (7) පස්වරුවේ සම්මත විය. 07 February 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025