
(සුජිත් හේවාජුලිගේ)
මේ රටේ රාජ්‍ය ආයතනවලින් සියයට හැටක් දූෂිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ කොළඹදී පෙරේදා පැවති වැඩමුළුවකදීය.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ස්වාධීනව වැඩ කිරීමට අවශ්‍ය සියලු බලතල පනතේ පවතින නමුත් බොහෝ දෙනෙකුට පනතේ සංකල්ප තේරුම් ගැනීමට නොහැකි බවද ඔහු කීවේය
මේ නීති හදපු අයටද මෙම සංකල්ප තේරුම් ගැනීමට නොහැකි වීම අවාසනාවක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නෑ මේක මීට වඩා වැඩියි.80/= ක්ම දූශිතයි. ප්‍රාදේශීය සබා, නගර සභා කිසිම තැනක TO ට මුදල් නොදී වැඩක් කරගන්න බෑ. ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල, උසාවිය, පොලිසිය, ත්‍රිවිධ හමුදාවේම සැපයුම් අංශවල ඉහළ සිට පහළට සියලු දෙනා දූශිතයි...
ඉතුරු 40% ආයතනන් සම්පූර්ණයෙන්ම දූෂිත නොවුණත්, ඒවායෙත් බහුතර පිරිසක් දූෂිතයි. කතා දෙකක් නෑ...
තැපැල් ඡන්ද දිනුවේ දූෂණය නැතිකරන්න නොවෙයිද...?
තැපැල් චන්ද අනිකුත් ඡන්ද දෙනකොට මේ දුශිතයිනුත් ඡන්දේ දුන්නා. එයාලා හිතුවේ ලොකු ලොකු දේශපාලකයින්, පාතාලයින්, අල්ලයි. එයාලා බේරෙයි කියලා. නමුත් දැන් එයාලටත් ඒ නීතීය ක්‍රියාත්මක වෙනකොට ආන්ඩුව පෙරලන්න ආපහු හොරු එක්ක හිට ගන්නවා. මොකද මෙයලටත් පැවැත්මක් ඇත්තේ හොරු හොටියොත් විතරයි. පොලිසීය ගැන කතා කරොත් ඒවායේ ඉන්නේ ලොකුම හොරු, පාතාලයෝ.
මම හිතනවා දකුණු පළාත මේ දූෂිතයින්ගෙන් කප් ගහලයි ඉන්නෙ. නීති විරෝධි ලෙස වැටුප් අරගෙන තියෙනවා. ගුරැ විභාග අසමත් ගුරැවරැන්ගෙන් අල්ලස් අරගෙන ගුරැ සේවයේ එක ශේණියෙන් විශාම යවල තියෙනවා. මේ පිළිබද අල්ලස් කොමිසමට පැමිණිලි කරල තියෙනවා. තව ගොඩක් දේවල් තියෙනවා හෙළිදරව් කරන්න. පළාත් සභා අන්ත දූෂිතයි. ඔහොම යං ඔහොම යං.
වැඩිය ඕන නෑ ඕක කියන ඔයත් දූෂිතයි කියල මම නං කියන්නෙ.
දූෂිත බව ඇත්ත. ඊට වැඩිය වැඩ බැරිකම. හොඳම උදාහරණය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. බදු නොගෙවන කඩ ව්‍යාපාර කොපමණ තියෙනවද? එක කොමසාරිස්වරයෙකු කියන විදියට ඔවුන් ආදායම ප්‍රකාශ කර නැතිනම් බදු ගන්න බැරිලු.විගනන නිලධාරීන් සහතික කලාට පසුව මොකුත්ම කරගන්න බැරිලු. මේ තත්ත්වය ඇත්තද? හොරුන්ට පාර පෙන්වන දෙපාර්තමේන්තුව මොකටද?
රාජ්‍ය ආයතන වල වැඩියෙන්ම ඉන්නෙ පොහොට්ටුවනෙ අහන්න දෙයක්යැ