
(සුජිත් හේවාජුලිගේ)
කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීම සඳහා වර්ණ සංඥා කුළුණු ආසන්නයේ අධි සංවේදී කැමරා සවිකිරීමට පොලීසිය තීරණය කර ඇත.
පළමු අදියරේදී කොළඹ රථවාහන තදබදය අධිකව පවතින ස්ථාන 05ක එම කැමරා සවි කරන බව රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් .පී ජේ සේනාධිර මහතා පැවසීය.
පවතින වර්ණ සංඥා පුවරු යාවත්කාලීන කිරීමටද පියවර ගන්නා බව ඔහු ප්‍රකාශ කළේ ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්ව විද්‍යාල ඉන්ජිනේරු අංශයකට ඕක භාර දෙන්න. පොලිස් නිලධාරීන්ට වඩා ඔවුන්ට එය සකස් කර දිය හැකියි.උගතුන්ට තැන දී බලන්න. පොලිසියට පහසුවක්.රටට සේවයක්. අතපය විසිකරමින් නලාව පිඹින්න ඕන නෑ.වර්ණ සඥා යාවත්කාලීන කරවන්න.