
(අංජුල මහික වීරරත්න)
හදිසි අනතුරු හේතුවෙන් දිනකට ජීවිත හයක් අහිමි වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව කීවේ‘’අනතුරකදී සිදුවන ලේ ගැනීම් වළක්වමු” (Stop bleed) යන තේමාව යටතේ ජනතාව දැනුවත් කිරීමේ විශේෂ පාගමනකට අද (12) පෙරවරුවේ සහභාගී වෙමිනි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණි.
කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ ආරම්භ වූ පාගමන විහාරමහා දේවී උද්‍යානය පසුකරමින් නිදහස් චතුරස්‍රය දක්වා ගමන් කරනු ලැබීය. හදිසි අනතුරු ලේකම් කාර්යාලය (National Trauma Secretariat) මගින් සංවිධානය කරනු ලැබූ මෙම පාගමනේ ප්‍රධාන අරමුණ ජනතාව දැනුවත් කිරීම, ප්‍රජාවගේ සහභාගීත්වය ලබා ගැනීම, හදිසි අනතුරු සම්බන්ධයෙන් රෝගීන්ට ප්‍රතිකාර සිදු කරන කාර්ය මණ්ඩලය අගය කිරීම යි.
2025 ඔක්තෝබර් මස 08
1440
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1304
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
471
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දිනකට හයක් එලොව යති
ගුණරත්න Sunday, 12 October 2025 08:06 PM
කවුරුහරි සමීක්ෂණයක් කර බැලුවොත් මේ අනතුරුවලට ලක්වන වාහන වර්ග, සහ ඒවා වල නිෂ්පාදිත වසර ආදිය එකතුකර බැලුවොත් අනතුරු වලට හේතුව හොයාගන්න පුළුවන් වේවි.
de silva Monday, 13 October 2025 12:44 PM
ලංකාවේ වාහන සහ අමතර කොටස් ආනයනයේදී අය කරන අධික තීරු බද්ද නිසා රටේ ධාවනය වන බහුතරයක් පරණ වාහන සහ නිසි ලෙස අලුත්වැඩියා නොකළ ප්‍රමිතියෙන් බාල වාහන, ඔය වාහන තව තවත් පරණ වනවිට ඔය අනතුරු ඉදිරියට තව වැඩි වේවි ,