
(සුජිත් හේවාජුලිගේ)
සිය ආරක්ෂාව සඳහා ලබා දී තිබූ වෙඩි නොවදින වාහන නැවත ලබා දෙන ලෙස හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරුන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ.
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට යොදවනු ලැබ සිටින ආරක්ෂක නිලධාරීන්ට ලබාදී තිබූ සියලුම වාහන පසුගියදා රජයට බාර දෙනු ලැබීය.
එසේ බාර දුන් වාහනවලට වෙඩි නොවදින වාහනද ඇතුළත් විය.
මෙම ආරක්ෂක වාහන භාරදීමෙන් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු සහගත තත්වයක් මතුව ඇතැයි වාර්තාවේ.
මේ අතර ආරක්ෂාවට අදාළ පහසුකම් සම්බන්ධයෙන් යළි ඉල්ලීමක් කළොත් සලකා බැලිය හැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ඉකුත්දා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එල්. ටී. ටී. ත්‍රස්තවාදය පරාජය කෙරුවා නම්, ජාතික ආරක්ෂාව තහවුරු කෙරුවා නම් දැන් කාගෙන්ද කොහෙන්ද තමන්ට ජීවිත තර්ජන තියෙන්නේ කියලා මුලින්ම හිටපු ජනාධිපතිවරුන් කියන්න ඕනා. ඊට පස්සේ බුද්ධි අංශවලට පුළුවන් එම තොරතුරු සත්‍යය ද කියලා පරික්ෂා කරලා බලලා අවශ්‍ය පමණට ආරක්ෂාව ලබා දෙන්න.
සලකා බලන්න කල්ගන්න. ගෙවලයෝ ගෙවල්, බඩු බාර දුන්නාම වාහන දෙන තීරණය ගන්න. ඒ වගේම ජනතා සාපය නොවදින රථවලට අප්ග්රේඩ් එකකට කැමතිද අහන්න...
බස් දාලා මිනිස්සු ඇදලා ලෝකෙට පෙන්නන්න හදනවා... මිනිස්සු ආදරෙයි කියලා. ඒත් ඇත්තටම මර බයේ වගේ ඉන්නේ.
රටට කරපු විනාසේ හැටියට බය වෙලා ඇති.. මාරයා ආවම යන්ඩම වෙනවා. වෙඩි නොවදින වාහන අහවල් දේකටද?
මහින්ද මහත්තයාට නම් වෙඩි නොවදින රථයක් ලබාදිය යුතුයි. නමුත් මෛත්‍රිපාල මහත්තයාට එහෙම එකක් අහවල් එකකටද?
මෙම යෝජනා කරන්නේ වෙඩි නොවදින ඇදුම් කට්ටලයක් නොවෙයි. වාහනේ ඇතුලේ මුළු ජීවිතේම ඉන්නද?
බලලෝභී, බඩගෝස්තරවාදී දූෂිතයින්ට වෙඩි නොවදින වාහන මොකටද? සදහටම නොමැරී ජීවත් වෙනවා කියලා හිතාගෙන ඇති. මර බියෙන් ඉන්නවා ඇති?
දෙන්නටම ඕන නෑ. හෙට අනිද්දා වලට යන්න කෙනෙකුට කවුරුත් ජීවිත තර්ජන කරන සිරිතක් නෑ. පතෝල වගේ හිටියත් නෑ වගේ එකෙක්ටත් එහෙම තමයි. කවුද කැමති හොඳ විහිළුකාරයෙක් නැති කරගන්න.
කුඩු ඇදලා පගා අරන් පාතාලය එක්ක ගිවිසුම් ගහන් මරණීය දන්ඩනය දුන්න අයට නිදහස දීලා. මිනිමරුවෝ දෙන්නට වෙඩි නොවදින වාහන දෙන්න. මේවා දෙන්න කලින් ජනතාවගෙන් අවසර ගන්න. මේවා දුවන්නෙ ජනතාවගෙ මුදලින්. මුන්ට දෙන්න ඕන වැහි නැති හෙන වදින වාහන. සරත් ෆොන්සෙකා ඉල්ලුවානම් දුක නැහැ යුද්දෙට හදවතින් වැඩකරපු නායකයෙක්. මුන් වගේ උන් ලංකාවේ විතරයි මේ විදියට ඉන්නෙ
එකට ජාවාරම් කරපු එවුන්ගෙන් බේරෙන්න වෙන්න ඕන නේද? අර මීගමුව පැත්තේ බදාගෙන සැනසුව අය වගේ....
වෙඩි නෙමෙයි හෙණ නොවදින ඒවල ගියත් වෙලාව එද්දී ගානට වදී