
(අංජුල මහික වීරරත්න)
ධනවතුන්ගේ ගෙවල් වල සුරතලයට ඇති කරන සතුන්ගේ පහසුකම් වතුකරයේ දූ දරුවන්ට නැතැයි වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම්අ මාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා අද(12) පැවසීය.
අමාත්‍යවරයා මේ බව කීවේ මලයලමි ප්‍රජාවගේ නිවාස හිමිකම් පත් ලබාදීම වෙනුවෙන් බණ්ඩාරවෙල අද පැවැත්වෙන උත්සවයේදීය.
"ලැයිමේ සිටින්නේද මනුෂ්‍යයෝ ය කියන දේ අප තේරුම් ගත යුතුයි. වතු කම්කරුවන්ට පොරොන්දු වූ 1700 ක වැටුප අප කෙසේ හෝ ලබා දෙනවා" යනුවෙන්ද අමාත්‍යවරයා මෙහිදී කීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම...!
ඉස්සර කතාවක් තියෙනවා... හැළිය කේතලයට උඹ කළුයි කිව්වා වගේ කියලා. ආණ්ඩුවේ ඉන්නවා ධනපති ඇමැතිලා, කෝටි ගණන් වත්කම් තියෙන. කොටින්ම ජනාධිපතිගේ දරුවන් පවා පිටරටකලු ජීවත් වෙන්නේ. ඉතින් ධනපතියන් ගැන දෙසුවාට තමන්ගේ පක්ෂයේත් ඉන්න ධනපතීන් ගැන අමතක වෙලා!
වෛරය ඇග පුරාම. දැනුත් එහෙමයි. මනුස්සයෙක් වෙයන්...
ඊ සිගා එකක් එපාද?
කොහෙන්ද අරන් දෙන්නේ. වසන්ත සමරසිංහගේ කෝටි ගණනක බුදලයෙන්ද. වෙන කවුරුවත් නෙමෙයි එයාමයි කිව්වේ පහුගිය දවස්වල එයාගේ ඉඩකඩම්වල තියෙන වටිනාකම්.
සමන්ත විද්‍යාරත්න ඇමතිතුමාට වතුකරයේ ජීවත්වූ තමන්ගේ පක්ෂයේම ධනවතෙකු අමතක වෙලා. රෝහණ විජේවීර 1989 අත්අඩංගුවට ගන්නා විට ඔහු හිටියේ උලපනේ වත්තක වතු අයිතිකාර ධනවතෙකු ලෙස නේද. බොහොම සැපට පවුල පිටින් හිටියේ පක්ෂයේ සාමාජිකාවන් දෙදෙනෙක් ගෙදර ගෘහ සේවිකාවන් ලෙස ඉඳිද්දි. වත්තේ වැඩ කරන්නත් පිරිමි කෙනෙක් හිටියා. ඒ බව ඔබේ පක්ෂයේ අයම කියලා තියෙනවා. පුවත් පත්වල ලියපු පොත්වල සඳහන් වෙනවා. එතකොට ඔබේ පක්ෂයේ අයට ඔය වතුකම්කරුවන්ට වගේ ඉන්න තිබුණනේ. දැනුත් ඔබේ පක්ෂයේ ඇමැතිවරුන් ඉන්නවා පූර්ණ කාලීන දේශපාලනය කරලත් ඒ අතරෙම බොහොම ලොකු ධනවතුන් වුනා කියන අය. එතකොට ඒ අයගේ සුරතල් සතුන් ගැනත් ඔබ හිතන්නේ කොහොමද.
චිචීගේ බල්ලගේ කරේ මාළේ පවුම් අනූවක්. මතකනේ පචේ තරම.