
(විමුක්ති එස් රුද්‍රිගු)
විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයන් පසුගිය සැප්තැම්බර් මාසයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 695.7 ක මුදල් ප්‍රමාණයක් මෙරටට එවා ඇති බවත් එය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට 25.2 ක වර්ධනයක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්වේ.
ඒ අනුව මෙම වසරේ පළමු මාස 9 තුළ විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 5.81 ක මුදල් ප්‍රමාණයක් ඒවා ඇති බවත් එය පසුගිය වසරේ පළමු මාස 9 ට සාපේක්ෂව සියයට 20 ක වර්ධනයක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වාර්තා පෙන්වා දුන්නේය.
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 555.6 ක සහ පසුගිය වසරේ පළමු මාස 9 දී ඇමෙරිකානු ඩොලර් බිලියන 4.84 මුදල් ප්‍රමාණයක් මෙරටට ඒවා තිබිණි. 2018 වසරින් පසුව වසරක් තුළ ශ්‍රී ලංකාවට ලැබුණු ඉහළ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය වසරේදී මෙරටට ලැබී තිබූ අතර විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයන් පසුගිය වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.57 ක මුදල් ප්‍රමාණයක් මෙරටට ඒවා තිබුණේය. එය 2023 වසරට සාපේක්ෂව සියයට 10.1 වර්ධනයක් විය.
වත්මන් ප්‍රවණතාව අනුව ශ්‍රී ලංකාවට එම ඉලක්කය මෙම වසරේදී පහසුවෙන් පසුකර යාමට හැකියාව ලැබෙනු ඇතැයි පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒවයින් සල්ලි තියෙන අය වාහන ගෙන්නනවා. වාහන බදු වලින් රජය පඩි ගෙවන්න.
කොරෝනා වසංගතය එක්කම රට වැටුණු වෙලාවෙ දැනට පාලනයේ ඉන්න අය කිව්වෙ රටට ඩොලර් එවන්න එපා කියලා. ඒ තරම්ම නින්දිතයි එයාලගෙ ආකල්ප. නමුත් රටට ආදරය කරන මිනුසුන් තම තමන්ට හැකි පමණින් රටට මුදල් එව්වා. දැනුත් එවනවා. ඔවුන් එවන ගාණ ගණිනවා සේම ඔවුන් ගැන බලන එකත් රටේ යුතුකම
රට ඉන්න අයට දුක්විදලා හම්බ කරන්නේ ඉතින් එයාට මෙහෙ දෙයක් කර ගන්න ගියාම රට වැඩ කරන්නේ කියලා ණයක් ගන්න ගියත් දෙන කාල සිමාව අඩුයි එයාලටත් සහනයක් දෙන්න
ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු විදේශිකයින්ගේ මුදල් මිලියන කීයක් ඇමරිකානු ඩොලර් මිලියන ගණනක් කොල්ලකනවාද???
1999 ඉදලා එවනවා... අපට කිසිම උදව්වක් දෙන්නෙ නැහැ... වැඩක් නැහැ... අපි හම්බකරගත්තොත් අපි කනවා... හරිම කනගාටුයි.