
(අංජුල මහික වීරරත්න)
විපක්ෂයේ පක්ෂ වල එකතුව සාර්ථකව ඉදිරියට යමින් පවතින බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
පළාත් පාලන මැතිවරණයේ සිටම සියලු දේශපාලන පක්ෂ එකට එකතු වෙමින් ක්‍රියා කරමින් සිටින බව කී අබේවර්ධන මහතා ඒ ක්‍රියාදාමය මේ වනවිට ඉතාමත් සාර්ථකව ඉදිරියට යන බව සඳහන් කළේය.
වඩාත් පුළුල් ක්‍රියාදාමයකින් මැතිවරණයට මුහුණ දීම සඳහා මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන බවද අබේවර්ධන මහතා කීය.
එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මේ බව කීවේ ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැඟලුවට වැඩක් නැහැ. ආයේ ඔහෙලට කවදාවත් ජනාදිපති අරමුදලෙන් පිනට ජීවත්වෙන්න ලැබෙන්නේ නැහැ.
ඔහොම යමු ඔහොම යමු. පොදු විපක්ෂෙට පොදු නායකයෙක් හොයන්න ගියදාට ඔක්කොම හබක්.
ඒ ඡන්දයක් තිබුණොත් නේ.
ආඬි හත්දෙනෙකුත් එකතු වෙලා රහට කැඳ කෑවානේ. අපිත් ඒ මග යන්න ඔබ සමග එනවා. ජයවේවා!
මේ මනුස්සයින්ට තේරෙන්නේ නැහැනේ ඡන්දෙ දෙන්නේ මේ රටේ ජනතාව කියලා.
මෙයා කිව්වා නම් ආයේ වචන දෙකක් නැහැ. තක්කෙටම හරි. කියපු අනාවැකි ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.
මුලින්ම කල යුතුව තිබූ දේ අන්තිමට කරන රටේ විපක්ෂය. නිෂ්ඵල ක්‍රියාවක්.