මධ්‍යම තැපැල් හුවමාරුවට කෝටි 15ක මත්ද්‍රව්‍ය ඇවිත්
රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ලැබී තිබියදී , කොළඹ මධ්‍යම තැපැල් තක්සේරු අංශයේ සේවයේ නිරත රේගු නිලධාරීන් විසින් අද(23) පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ .