මැතිසබේ IT අංශයේ කාන්තා හිංසන හොයන්න ත්‍රිපුද්ගල කමිටුවක් පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් කාන්තාවන්ට සිදු වී ඇතැයි පැවසෙන ලිංගික හිංසන සහ අඩන්තේට්ටම් සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත පාර්ලිමේන්තුවේ මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය විසින් ත්‍රිපුද්ගල කමිටුවක් අද (11) පත් කරනු ලැබීය. 11 February 2025
අලුත් බදු පාර්ලිමේන්තුවට නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ විධි විධාන පරිදි නිකුත් කරන ලද නියමය සහ සුරාබදු ආඥාපනතේ විධිවිධාන පරිදි නිකුත් කරන ලද නිවේදනය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 February 2025
රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් සඳහා කැබිනට් අනුමැතිය රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණය කිරීම් පිණිස පත් කරන ලද කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 February 2025
සේවක අර්ථ සාධක අරමුදලට කළමනාකරණ පද්ධතියක් නව සේවක අර්ථසාධක අරමුදල් කළමනාකරණ පද්ධතියක් නිර්මාණය කිරීම සහ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 February 2025
සපුගස්කන්දට නව පිරිපහදුවක් සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණය සංවර්ධනය කිරීම සහ පුළුල් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 February 2025
විදුලිය අද කපන්නේ මෙහෙමයි නොහොච්චෝලේ ‘ලක්විජය’ විදුලිබලාගාරයේ ජනන යන්ත්‍ර තුන අක්‍රීය වීම නිසා අහිමිවූ මෙගාවොට් 800 පමණ විදුලි ප්‍රමාණය ආවරණය කිරීම සඳහා පැය එකහමාර බැගින් අද (11) දිනයේ විදුලි සැපයුම අත්හිටුවන ආකාරය ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය. 11 February 2025
බුද්ධිමය දේපල ලේඛන ඩිජිටල් කරයි ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ ලේඛන ඩිජිටල් කරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 February 2025
ලංකාව අරාබිය අතර ආයෝජන ප්‍රවර්ධන ගිවිසුමක් ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබී එමීර් රාජ්‍යය අතර අන්‍යෝන්‍ය ආයෝජන ප්‍රවර්ධනය සහ ආරක්ෂාව පිළිබඳ යෝජිත ගිවිසුම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 February 2025
ගිය වසරේ ආදායම් - වියදම් වාර්තාව ඇමති මණ්ඩලයට රජයේ මුල්‍ය කාර්ය සාධනය පිළිබඳ 2024 හතර වන කාර්තුවේ ප්‍රකාශය අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගෙන තිබේ. 11 February 2025
වී අලෙවි මණ්ඩල පනත සංශෝධනයට වී අලෙවි මණ්ඩල පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 February 2025
අපරාධ විසදන්න අලුත් කාර්යාංශයක් රටතුළ ක්‍රියාත්මක වන සහ පසුගිය දිනවල සිදුවූ අපරාධ විසදාගැනීම සදහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය නමින් නව කාර්යාංශයක් පිහිටු වන බව පොලිස් මූලස්ථානය පවසයි. 11 February 2025
ශ්‍රී ලංකා - වියට්නාම සබඳතා තවදුරටත් තරකළ යුතුයි ශ්‍රී ලංකාව සහ වියට්නාමය වසර 55 කට ආසන්න කාලයක් තිස්සේ පවත්වාගෙන යන තානාපති සබඳතා, ඉදිරියේදී තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගතයුතු බව වියට්නාම තානාපතිනී ට්‍රින් තයි ටැම් මහත්මිය පැවසුවාය. 11 February 2025
වරෙන්තුකරු අධිකරණයට ගෙනයද්දී අනතුරින් සැරයන් මරුට සැකකරුවෙකු රැගෙන මතුගම අධිකරණය වෙත යමින් සිටි ත්‍රී රෝද රථයක් අගලවත්ත කැකුලන්දල ප්‍රදේශයේදී කිලෝමීටර් කණුවක වැදී අනතුරට පත්වීමෙන් පොලිස් සැරයන්වරයෙකු මියගොස් කොස්තාපල්වරයෙකු සහ වරෙන්තුකරුවෙකුත් තුවාල ලැබූ බව අගලවත්ත පොලිසිය කියයි 11 February 2025
පොල් කඩන්නා පොල් ගසකඩා වැටී මරුට පොල් කැඩීමට නැගි ගසක කද මැදින් කැඩී අඩි හතලිස් හතක පමණ උසක සිට බිමට වැටුණු පුද්ගලයකුගේ හිස මතට කඩා වැටුණු පොල් ගසෙහි කද කොටසද වැටී ඊට යට වී එම ස්ථානයේදිම ජීවිතක්ෂයට පත්ව ඇතැයි කහතුඩුව පොලීසිය පවසයි. 11 February 2025
ගුරුවරු නැතිව වියළුව පාසලක් වහලා බදුල්ල දිස්ත්‍රික්කයේ වියළුව අධ්‍යාපන කලාපයට අයත් අති දුෂ්කර පාසලක් වන මීගහකිවුල බෝගහපතන විද්‍යාලයේ සේවය සඳහා අද (11) දින එකදු ගුරුවරයකු හෝ නොපැමිණීම හේතුවෙන් අද උදැසන පාසලට පැමිණි දරුවන්ට හිස් අතින්ම ආපසු නිවෙස් බලා යාමට සිදුවූ බව දරුවන්ගේ මව්පියෝ පැවැසූහ. 11 February 2025
විදුලි කප්පාදුවක් හෙට නෑ විදුලි කප්පාදුවක් හෙට (12) ක්‍රියාත්මක නොවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. 11 February 2025
ඩුබායි පැන්න පීසීගේ වැඩ තහනම් ගල්කිස්ස පොලිසියේ ගිනි අවි ගබඩාවෙන් ලබාගත් ටි 56 ගිනි අවිය සහ ජීව උන්ඩ 30 නැවත භාර නොදී දිවයිනෙන් ඩුබායි රටට පලා ගිය ආධුනික පොලිස් කොස්තාපල්වරයාගේ රාජකාරී වැඩ තහනමට ලක් කළ බව පොලිස් මූලස්ථානය කියයි 11 February 2025
ලෝක රාජ්‍ය නායක සමුළුව ඇරැඹෙයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද දිනයේදී ‘අනාගත ආණ්ඩු හැඩගැස්වීම’ යන තේමාව යටතේ ඩුබායිහිදී පැවැත්වෙන ලෝක රාජ්‍ය සමුළුව - 2025හි පූර්ණ සැසිවාරයට සහභාගි වීමට නියමිත අතර, සමුළුව අතරතුර, උපායමාර්ගික වශයෙන් වැදගත් වන ද්විපාර්ශ්වික හමු කිහිපයකට සම්බන්ධ වීමටද අපේක්ෂා කරයි. 11 February 2025
යෝෂිතට - ඩේසි ආච්චිට නඩු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටුපුත් යෝෂිත රාජපක්ෂ මහතාගේ බැංකු ගිණුම්වල තිබූ රුපියල් මිලියන 59 මුදල ඔහුගේ මිත්තණිය වන ඩේසි’ පොරස්ට් නැමති කාන්තාව සමඟ හවුල් ගිණුමක් ලෙස පවත්වාගෙන යාම හේතුවෙන් ඩේසි ෆොරස්ට් නැමති කාන්තාවට විදෙස් ගමන් තහනමක් පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසීය. 11 February 2025
ප්‍රංශයට යවනවැයි කියා සුපිරි ගේම් දුන් 4 ක් දැලේ ප්‍රංශයට යවන බව පවසා පුද්ගලයකු මෝටර් රථයකින් පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ 80 ක් බලෙන් වෙනත් ගිණුමකට මාරු කර මුදල් කොල්ලකෑ සැකකරුවන් 4 දෙනකු සමග මෝටර් රථයක් ඊයේ (10) අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පවසයි. 11 February 2025
හිංසාකාරී ලෙස එළුවන් ගෙන ගිය දෙදෙනකුට වැඩ වරදී ’’ ඔය ඔක්කොම බලන් ඉන්නේ වරදින තුරු අපිට’’ යන වදන තීරෝද රථයක ප්‍රදර්ශනය කරමින් එහි පිටුපස භක්කිය තුල එළුවන් දස දෙනකු කිටි කිටියේ තදකර හිංසාකාරී අයුරින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි 11 February 2025
ගෑස් සිලින්ඩරයක් පුපුරා යුවළක් රෝහලට කතරගම නාවික හමුදා නිවාඩු නිකේතනයේ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් එහි නවාතැන් ගෙන සිටි දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලිසිය කියයි . 11 February 2025
ජනපති මාස්ටර් ඉන්වෙස්ට්මන්ට් සමූහයේ ’’ ලොක්කා’’ හමු වෙයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙදින සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාස්ටර් ඉන්වෙස්ට්මන්ට් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ෂෙයික් අබ්දුල්ලා බින් මොහොමඩ් අල් කාසිමි මහතා හමුවක් සිදු විය. 11 February 2025
ගිනි අවිය සමඟ පැන ගිය පීසීගේ මව පියා අත්අඩංගුවට රාජකාරියට යන මුවාවෙන් ටි 56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ 30 ක් රැගෙන අනතුරුව ඩුබායි රාජ්‍යයට පලා ගිය ආධුනික පොලිස් කොස්තාපල්වරයාගේ මව, පියා සහ තවත් කොස්තාපල්වරයෙකු ඊයේ (10) රාත්‍රී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලාස්ථාන පොලිසිය කියයි ‘ 11 February 2025
ඇද යටින් කේරළගංජා මතුවෙයි ලක්ෂ 50කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා ඇඳ යට රහසිගතව සඟවා තැබූ සැකකරුවෙකු කල්මුණේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 11 February 2025
තේරීම් සභාවක් ඉල්ලා නාමල්ගෙන් කතානායකට ලිපියක් රටේ ක්‍රියාත්මක වන ලියාපදිංචි සහ ලියාපදිංචි නොකළ රාජ්‍ය නොවන සංවිධාන (NGO) විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කථානායකවරයාගේ කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරයි. 11 February 2025
ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට සිංහල ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරුවන ඩෑන් ප්‍රියසාද් අද (11) අලුයම කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අධිකාරී නීතිවේදී ප්‍රියන්ත මනතුංග මහතා පැවසීය. 11 February 2025
කොස්තාපල් ගංජා අයිස් සමඟ මාට්ටු රිදීමාලියද්ද පොලිසියට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු ගංජා සහඅයිස් මත්ද්‍රව්‍ය සමග ගල්පෝරුයාය ප්‍රදේශයේ දී ඊයේ (10) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව ගිරාදුරුකෝට්ට පොලිසිය පවසයි . 11 February 2025
අද කාලගුණය දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 11 February 2025
මෙක්සිකෝ බොක්කේ නම වෙනස් වෙයි මෙක්සිකෝ බොක්ක ’’ඇමෙරිකා බොක්ක’’ ලෙස නිල වශයෙන් නම් කරමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ සඳහා වන විධායක නියෝගයට අත්සන් තබා ඇත. 10 February 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025