
(අංජුල මහික වීරරත්න)
මේ වසරේ ඔක්තෝම්බර් මාසය අවසානය වන විට දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රී ලාංකිකයින් ප්‍රමාණය 3000 ඉක්මවන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
දකුණු කොරියාවේ නිශ්පාදන අංශයේ රැකියා අවස්ථා හිමිවූ ලාංකික තරුණියන් 36 දෙනකු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 470 දරණ යානයෙන් දකුණු කොරියාව බලා අද(14) පිටත්ව යාමට නියමිතය.
ඊට තරුණයෝ 33 දෙනෙක් හා තරුණියෝ තිදෙනෙක් අයත් වෙති.
2025 වසරේ ගතවූ කාලයේ ශ්‍රී ලාංකිකයින් 2927 දෙනකු කොරියා රැකියා සඳහා පිටත්ව ගොස් ඇති අතර, ඊට තරුණියන් 100 දෙනෙකුද අයත් වේ. නිශ්පාදන අංශය සඳහා ලාංකිකයින් 2197 දෙනකුට රැකියා අවස්ථා හිමිවී ඇති අතර, ධීවර අංශය සඳහා 680 දෙනකුට රැකියා අවස්ථා හිමිවී ඇත.
එසේම ඉදිකිරීම් අංශයේ රැකියා සඳහා 25 දෙනකුද, සේවා අංශය සඳහා 23 දෙනකු හා කෘෂිකාර්මික අංශය සඳහා දෙදෙනෙකුට රැකියා අවස්ථා හිමිවී ඇත.
මේ අතර, දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමිවූ තවත් ශ්‍රි ලාංකිකයින් 200ට ආසන්න පිරිසක් මෙම මාසය අවසන් වන විට පිටත් කිරීමට කාර්යාංශය සැලසුම් කර තිබේ.
2025 කොරියා භාෂා ප්‍රවීණතා විභාගය සඳහා අයදුම්කරුවන් 36,745 දෙනකු ලියාපදිංචි වී ඇති අතර, එම විභාගය ඔක්තෝම්බර් 23 දින ආරම්භ කිරීමට නියමිතව ඇත.
2025 දෙසැම්බර් මස 16
55
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
850
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
611
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මේ අවුරුද්දේ 3000 ක් කොරියා රස්සා වලට ගිහින්
de silva Wednesday, 15 October 2025 11:41 AM
3000 කොරියාවේ රස්සා වලට යන්න ලක්ෂ 3 විතර කොරියන් පන්ති යනවා මේකත් එක්තරා ටියුෂන් පන්ති මාෆියාවක් , විශාල තරුණ පිරිසක් කොරියන් සිහිනයේ ගිලී වෙනත් සියලු සියලු ඉගෙනීම් කටයුතු අතහැර සමහරු දැනට කරන රැකියාවලින් පවා ඉවත් වෙලා කොරියන් භාෂාව ඉගෙන ගන්න කාලය ගත කරනවා , නිකරුනේ තරුණ ජිවිතෙන් වසර 2-3 කොරියන් සිහිනය නිසා විනාශ කරගන්නවා , මේක අපේ රටේ ශ්‍රම බලකායට විශාල ප්‍රශ්නයක් , මේ කාලය යම්කිසි රැකියාවක් ඉගෙන ගන්න යොදවනවා නම් වටිනවා , මේක රටේ ආර්ථිකයට විශාල හානියක් , කොරියාවෙන් එන ප්‍රේෂණ වලට වැඩිය සිය ගුණයක හානියක් , කොරියාවේ රැකියා වලට යන්න කොරියා භාෂාව අත්‍යවශ්‍යය කියන නිතිය රජය ඉවත් කරන්න ,භාෂාව වෙනුවට යම්කිසි ශේත්රයක වුර්තිය පුහුණුවක් සහ රැකියාවේ පල පුරුද්ද මත ලකුණු ලබාදී ලිස්ට් එක හදන්න , එක අපේ රටේ ආර්ථිකයට හොඳය , කැමති කෙනෙකුට පමණක් කොරියන් භාෂාව ඉගෙන ගන්න කියන්න , මිනිස්සු ඕනේ තරම් අරාබි ඉතාලි ජපන් ගිහින් රස්ස්වල් කරනවා .භාෂාව නැතිව ,