IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සුරා බදු ආදායම් පරිපාලනය ඩිජිටල් වෙයි

(අංජුල මහික වීරරත්න)

සුරා බදු දෙපාර්තමේන්තුවට ආදායම් පරිපාලන පද්ධතියක් මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

සුරා බදු දෙපාර්තමේන්තුව සඳහා සම්පුර්ණයෙන්ම ඩිජිටල්කරණය කරන ලද, ඒකාබද්ධ වූ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පදනම් කරගත් ආදායම් පරිපාලන පද්ධතියක් ස්ථාපිත කිරීම පිණිස ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කිරීම සඳහා 2024-05-22 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී ඇත. 

එකී පද්ධතිය මඟින්, බාධාවකින් තොරව දත්ත හුවමාරු කිරීම, අවදානම් කළමනාකරණය, ආදායම් තුලිතකරණය, ඉහළ නංවන ලද විනිවිද භාවය සහ වගවීම සක්‍රීය කිරීම අපේක්ෂා කරනු ලැබේ. 

එකී ආදායම් පරිපාලන පද්ධතිය ප්‍රසම්පාදනය කිරීම පිණිස තනි අදියර ද්විත්ව කවර ක්‍රමවේදය යටතේ ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රම වේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත. ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත අදාළ කොන්ත්‍රාත්තුව Millennium I.T.E.S.P (pvt) Ltd. Metropolitan Technologies (Pvt) Ltd. වෙත රුපියල් මිලියන 1,310.94 ක (බදු රහිත) මුදලකට ප්‍රදානය කිරීමට නිර්දේශ කර තිබේ. 

එම ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය වෙත අභියාවන තුනක් (3) ඉදිරිපත්ව ඇති අතර, එකී අභියාචනා ප්‍රසම්පාදන අභියාවන මණ්ඩලය විසින් නිෂ්ප්‍රභ කර ඇත. ඒ අනුව, සුරා බදු දෙපාර්තමේන්තුව සඳහා ආදායම් පරිපාලන පද්ධතියක් සැලසුම් කිරීම, සංවර්ධනය, ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීම වෙනුවෙන් වූ ප්‍රසම්පාදනය Millennium LT.E.S.P (pvt) Ltd. o Metropolitan Technologies (Pvt) Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

සුරා බදු ආදායම් පරිපාලනය ඩිජිටල් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 55 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 850 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 611 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site