IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කොළොන්නාව නිමාවේ පහසුකම් සංවර්ධනයට

(අංජුල මහික වීරරත්න)

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කොළොන්නාව නිමාවේ 7 වන කලාපයේ නිෂ්පාදන පිරවුම් පහසුකම් සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කොලොන්නාව නිමාවේ 7 වන කලාපයේ නිෂ්පාදන පිරවුම් පහසුකම් සංවර්ධනය කිරීම අදියර 03 ක් යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත. ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව විසින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම නිර්දේශ කර තිබේ. 

කොලොන්නාව නිමාවේ 7 කලාපයේ පෙට්‍රල්, ඩීසල් සහ භුමිතෙල් සඳහා අති නවීන පිරවුම් පහසුකම් සඳහා වන සම්පුර්ණ සැලැස්ම සකස් කිරීම සහ එම කලාපයේ පෙට්‍රල් පිරවුම් පහසුකම ඉදිකිරීම අදියර - 1 ක්‍රියාත්මක කිරීම සඳහා වන මුළු පිරිවැය රුපියල් මිලියන 1455 +  බදු ලෙස ඇස්තමේන්තු කර ඇත. 

ඒ අනුව, කොලොන්නාව නිමාවේ 7 කලාපයේ නිෂ්පාදන පිරවුම් පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ අදියර 1 ක්‍රියාත්මක කිරීම සහ ඉංජිනේරු, ප්‍රසම්පාදන, ඉදිකිරීම සහ ක්‍රියාත්මක කිරීමේ කොන්ත්‍රාත්තුවක් වශයෙන් ඒ සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීම පිණිස බල ශක්ති අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

කොළොන්නාව නිමාවේ පහසුකම් සංවර්ධනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 55 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 850 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 611 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site