IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


වයඹ සරසවි වෙද සිසුන්ට ඉන්න තැනක් හදයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා නේවාසිකාගාරයක් ඉදි කිරීම සඳහා ඉඩමක් පවරා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

කුලියාපිටියේ පිහිටුවනු ලැබ ඇති ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන් සිය රෝහල් පාදක අධ්‍යයන කටයුතු කුරුණෑගල ශික්ෂණ රෝහලේ සිදු කරනු ලැබේ. අධ්‍යයන කණ්ඩායම් 03 කට අයත් වෛද්‍ය සිසුන්ට නේවාසික පහසුකම් සැපයීම සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල ආශ්‍රිතව වයඹ විශ්ව විද්‍යාලය සතුව නේවාසිකාගාරයක් නොමැති බැවින්, එම සිසුන්හට පුද්ගලිකව අනේවාසික පහසුකම් සපයා ගැනීමට සිදුව ඇත.

එබැවින්, එම සිසුන් හට දිවා හා රාත්‍රී කාලයේදී කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත පහසුවෙන් ළඟා වීමට හැකි ආරක්ෂිත ස්ථානයක නේවාසිකාගාරයක් ඉදිකිරීම ප්‍රමුඛ අවශ්‍යතාවයක් වී තිබේ. 

ඒ අනුව, එම නේවාසිකාගාරය ඉදිකිරීම සඳහා හඳුනාගනු ලැබ ඇති කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුරුණෑගල බටහිර ග්‍රාම නිලධාරී වසමේ පිහිටි රජයට අයත් පර්වස් 80ක ඉඩම් කොටසක් රජයේ ඉඩම් ආඥාපනතේ 6 (1) වන වගන්තිය ප්‍රකාරව නිදහස් දීමනාවක් ලෙස ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලය වෙත පවරා දීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (1)

වයඹ සරසවි වෙද සිසුන්ට ඉන්න තැනක් හදයි

H.T.Kusumapala Wednesday, 15 October 2025 03:33 AM

වයඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ශික්ෂණ රෝහලට ආසන්නයේ පිහිටා තිබේ නම් එයින් රටට හොඳ සේවයක් ලබා දිය යුතුය

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 55 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 850 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 611 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site