(ගයාන් සූරියආරච්චි)
ගල්කිස්ස අධිකරණ භූමියේදී නීතිඥවරයකුට පහරදුන් බව පවසමින් පොලිස් කොස්තාල්වරයකුට අශෝබන ලෙස බැනවදිමින් සාපරාධී බලහත්කාරය පෑ ජ්‍යෙෂ්ඨ නිතීඥවරයා අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් 3 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර වුට්ලර් මහතා පැවැසීය.
එම ජ්‍යෙෂ්ඨ නීතීඥවරයා අත්අඩංගුවට ගැනීම සදහා නිවාස තුනකට ගියද ඔහු සොයාගැනීමට හැකි නොවූ බවත් ඔහු අධිකරණය සහ පොලිසිය මගහරිමින් සිටින බවත් කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ඔහු කඩිනමින් අත්අඩංගුවට ගැනීම සදහා කටයුතු කරන බවය.
අධිකරණ සංකීර්ණයට පැමිණෙන බන්ධනාගාර බස් රථයකට ඉඩ ලබාදීම සදහා නීතීඥවරයකුගේ මෝටර් රථයක් අධිකරණ භූමියෙන් ඉවතට ගැනීමට යාමේදී අදාල නීතීඥවරයා සහ පොලිස් කොස්තාපල්වරයා අතර ඇතිබූ බහින් බස්වීමක් ඉකුත් දා ඇතිව තිබුණි.
2025 ඔක්තෝබර් මස 08
1425
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1298
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
468
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පීසීට තග දැමූ නීතිඥවරයා සොයන්න පොලිස් කණ්ඩායම් 3 ක්
tissa Tuesday, 14 October 2025 06:12 PM
නේපාලයටවත් පනීද දන්නේ නැහැ.
කව්ද බෝයි Tuesday, 14 October 2025 06:46 PM
පීසීට තග දාන ගමන් එන්න කියපු ඩීඅයිජී හරි ඇමති හරි එයාගේ ගෙදරට එනකල් බලං ඉන්නවා ඇති.
Prabash Tuesday, 14 October 2025 07:42 PM
මේ පුද්ගලයා වෙනුවෙන් පෙනී හිටි නීතිඥ මහත්තයා තම සේවා දායකයා හැංගිලා නෑ... ඉදිරිපත් කරන්නම් කියලා නොතීසියත් බාර අරන් තිබුණේ... එයා ඉන්න තැන ඒ මහත්තයා දන්නවානේ. පොඩ්ඩක් අහලා බලන්නකෝ...
ප්‍රියා Tuesday, 14 October 2025 08:19 PM
වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසන් ඒ...
Rata Perata Wednesday, 15 October 2025 12:44 AM
හැංගිලා ඉන්නවනම් දේපළ රාජසන්තක කරන්න. මුන් කොහොමත් ඕවා මිනිස්සුන්ගේ ගින්දරින් හම්බකරපුවා නේ.
Bunny Preena Wednesday, 15 October 2025 09:15 AM
බැරිවැඩ නොකර හිටපන්; "අබරෝ" කියලා කියන්නේ ඒවගේ අයයි.
ගමේ එකාලා Wednesday, 15 October 2025 02:57 PM
විරයෙක් වගේ කෑගැහුවට දැන් බයේ හැන්ගිලා?