
(අංජුල මහික වීරරත්න, අජිත්ලාල් ශාන්ත උදය සහ ලසන්ත නිරෝෂන පෙරේරා)
රජයේ සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රතිලාභ ජනතාවට ලබා දීමේ අතරමැදි යාන්ත්‍රණය ලෙස රාජ්‍ය නිලධාරීන්ට පුළුල් වගකීමක් පැවරී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (14) පෙරවරුවේ රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවති රත්නපුර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි.
2025 වර්ෂය සඳහා රත්නපුර දිස්ත්‍රික්කයේ විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ රාජ්‍ය ආයතන විසින් ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය සහ ඒවා ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් මෙම මූල්‍ය වර්ෂයට වෙන් කළ ප්‍රතිපාදන නැවත භාණ්ඩාගාරයට හරවා නොයැවීමට වගබලා ගන්නා ලෙස මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා මුදල් ආපසු හරවා එවීමෙන් අවශ්‍ය සංවර්ධනය සිදු නොවන අතරම, මුදල් නාස්තියක්ද සිදුවන බවත්, එකම ව්‍යාපෘතිය වෙනුවෙන් නැවත නැවත මුදල් වෙන් කිරිමට සිදු වීමෙන් නව ව්‍යාපෘති ආරම්භ කිරීමට නොහැකි තත්වයක් උද්ගත වන බවත් පෙන්වා දුන්නේය.
පසුගිය කාලයේදී රජයේ ව්‍යාපෘති ලෙස ඉදිකිරීම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇතත්, එහි ශක්‍යතාව සහ නඩත්තුව සම්බන්ධයෙන් නිසි ඇගයුමක් සිදු නොකිරීම නිසා, එමගින් රජයට අමතර වැය බරක් එකතු වී ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
එලෙස, ඉදිකර තිබෙන හම්බන්තොට සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය, අනුරාධපුර ශ්‍රවණාගාරය වැනි ගොඩනැගිලි ගණනාවක නඩත්තුව දරා ගත නොහැකි වීම නිසා ඒවා භාර ගැනීමට ආයතනයක් නොමැති තත්ත්වයට පත්ව ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එසේම, රජයෙන් ඉදිකරන ලද සංචාරක බංගලා, තානායම්, පොදු වෙළෙඳ සංකීර්ණ වැනි ගොඩනැගිලි පාළු අඳුරු ස්ථාන බවට පත්ව ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
එවැනි ආයතන පෞද්ගලික අංශයේ කළමනාකාරීත්වය යටතේ පවත්වාගෙන යාම වර්තමානයට වඩාත් ගැළපෙන ක්‍රමවේදය බවද ජනාධිපතිවරයා පැවසීය.

2025 දෙසැම්බර් මස 16
55
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
850
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
611
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වැඩට දුන්න මුදල් ආපහු එවන්න එපා
Bunny Preena Wednesday, 15 October 2025 09:26 AM
ව්‍යාපෘති වලට යොදවන ලද මුදල් ඉතිරි වන්නේ ව්‍යාපෘති සම්පූර්ණ කරන්න බැරිවෙන හින්දා