අරාබිය සමඟ ආර්ථික -ආයෝජන ගිවිසුම අත්සන් කරයි එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීම සඳහා ප්‍රවර්ධන හා අන්‍යෝන්‍ය ආයෝජන ආරක්ෂණ ගිවිසුමක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී අත්සන් කෙරිණි. 13 February 2025
කළුගඟේ කිඹුලෙක් අයෙක් ඩැහැගෙන කළු ගගේ මුහුණ සේදීමට ගිය පුද්ගලයෙකු කිඹුලෙකු ඩැහැගෙන ගොස් ඇති බවට ලද සාක්ෂියක් මත පරීක්ෂණ ආරම්භ කළ බව කළුතර උතුර පොලිසිය පවසයි. 13 February 2025
අද පැයක් විදුලිය කපයි පැයක විදුලි කප්පාදුවක් අද (13) දින ක්‍රියාත්මක කරන බව විදුලි බල මණ්ඩලය මීට සුළු මොහොතකට නිවේදනය කළේය. 13 February 2025
ජනපති එයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති 2025 - ලෝක රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට එහි ගොස් සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා , එම සංචාරය නිමා කර අද (13 ) උදෑසන යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය . 13 February 2025
නැගෙනහිර පහළු පර්යන්තයේ මාර්ග සැලැස්ම වෙනස් කරලා කොළඹ වරායේ නැගෙනහිර පහළු පර්යන්තයේ නව මාර්ග සැලැස්ම අත්තනෝමතිකව ක්‍රියාත්මක කිරීමෙන් අනාගතයේ දැවැන්ත අර්බුදයකට මුහුණදීමට සිදුවිය හැකි නිසා එම මාර්ග සැලැස්මේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවන ලෙස ඉල්ලමින් වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය වාරාය අමාත්‍ය බිමල් රත්නායක මහතාට ලිපියක් යොමුකර තිබේ.කොළඹ වරායේ නැගෙනහිර පහළු පර්යන්තයේ නව මාර්ග සැලැස්ම අත්තනෝමතිකව ක්‍රියාත්මක කිරීමෙන් අනාගතයේ දැවැන්ත අර්බුදයකට මුහුණදීමට සිදුවිය හැකි නිසා එම මාර්ග සැලැස් 13 February 2025
කොකේන් ගන්න ආ බුද්ධි එස් අයි අත්අඩංගුවට යතුරුපැදියකින් පුද්ගලයන් දෙදෙනෙකු රැගෙන ආ කොකේන් මත්ද්‍රව්‍ය මිලදී ගැනීමටට පැමිණි රාජ්‍ය බුද්ධි සේවයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය කියයි. 13 February 2025
අද කාලගුණය දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.දිවයිනේ බොහෝ ප්‍රදේශවල හිමිදිරි උදෑසන කාලයේදී සීතල කාලගුණ 13 February 2025
‘කොළඹ නවම් මහා පෙරහැර’ වීදි සංචාරය කෙරේ කොළඹ ආලෝකමත් කරමින් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 46 වැනි වාර්ෂික ‘කොළඹ නවම් මහා පෙරහැර’ අද (12) රාත්‍රී වීථි සංචාරය කළේය. 12 February 2025
බීම බෝතලයක් තාත්තයි දුවයි රෝහලට යවයි බලන්ගොඩ කිරිදිගල ප්‍රදේශයේ ඇති ආපනශාලාවකින් බිිම බෝතලයක් රැගෙන එය පානය කිරිමෙන් පසු 09 හැවිරිදි දැරියකට හදිසි ක්ලාන්තය තත්ත්වයක් සමග වමනය සැදිම හේතුවෙන් අද (12) දා පස්වරුවේ බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි. 12 February 2025
කඩුවෙල ජාතික පාසල් ගැටුමේ සිද්ධියට මුල් වූ සිසුන්ට ඇප කඩුවෙල ජාතික පාසලක දරුවන් දෙපිරිසක් අතර ඊයේ (11) දින ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් එම පාසලේම සිසුන් අට දෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපයක් මත සැකකාර සිසුන් අට දෙනා මුදා හැරීමට කඩුවෙල වැඩ බලන මහේස්ත්‍රාත් ගීතා ආරියසේන මහත්මිය අද (12) දින නියෝග කලාය 12 February 2025
‘බොරුවෙන් බලයට ආපු අයට ස්භාවධර්ම දඩුවම් දීම අරඹලා‘ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් නවයක ආණ්ඩු පෙරළන්න යූඑස්ඒඩ් සංවිධානය මුදල් වියදම් කළ බව හෙළිවීම බෙරුවෙන් සහ වංචාවෙන් ජනතාව රවටා බලයගත් පිරිසට ස්භාවධර්ම දඩුවම් දීමක් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. 12 February 2025
ලස්සන ලෝකයක් හදන්න එන්නැයි ජනපති ලෝකයට ආරාධනා කරයි ගෝලීය දේශගුණික ගැටලු දුප්පත් හෝ පොහොසක් භේදයකින් තොරව සැමගේ දොරටුවලට තට්ටු කරමින් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 12 February 2025
මුහුදේ ගසාගෙන ගිය 13 කගෙන් 12ක් බේරා ගැනෙති :අයෙක් අතුරුදන් පානදුර මුහුදේ දිය නාමින් සිටි 13 දෙනෙකු ගසාගෙන ගොස් 12 දෙනෙකු බේරාගෙන ඇති බවත් එක් තරුණයකු දියේ ගිලී අතුරුදන්ව ඇති බවත් පානදුර ජීවිත ආරක්ෂක ඒකකය පවසයි. 12 February 2025
’අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය’ අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ටවර් හෝල් රඟහල පදනම 5 වැනි වරට සංවිධානය කළ ’’අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය’’ ‘ටවර් නාට්‍ය උළෙල’ ටවර් හෝල් රඟහල පදනමේ සභාපති අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිගේ ප්‍රධානත්වයෙන් මරදාන ටවර් හා එල්ෆින්ස්ටන් රංග ශාලා කේන්ද්‍ර කරගනිමින් අද (12) ආරම්භ විය. 12 February 2025
සැඟවූ කීරි සම්බා කිලෝ 15,000ක් පිටකොටුවේ පිටකොටුව ප්‍රදේශයේ කළ වැටලීමකදී සගවා තිබූ කීරි සම්බා කිලෝග්‍රෑම් 5 අසුරන 3,000 ක කිලෝග්‍රෑම් 15,000 ක් භාරයට ගෙන නඩු පැවරූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය. 12 February 2025
හොරෙන් ගෙනා කෝටි 4ක සැප රිය සමග අයෙක් මාට්ටු නීති විරෝධීව කන්ටේනර් රථයකින් මෙරටට රැගෙන ආ කෝටි 4ක් පමණ වටිනා මොන්ටීරෝ ජීප් රථයක් සමග හෝටල් සමූහයක කෝටිපති ව්‍යාපරිකයෙක් ඊයේ (11) පැලවත්ත, ජපන් මිත්‍රත්ව පාර අසලදී වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 12 February 2025
වාද්දුවේ සිද්ධියට පොලිසියේ 4ක් අත්අඩංගුවට වාද්දුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැරි පුද්ගලයකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් අනතුරුව වාද්දුව පොලිසියේ කොස්තාපල්වරුන් 4 දෙනකු අත්අඩංගුවට අද (12) ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය. 12 February 2025
ලංකාව ලකුණු 49කින් ඕස්ට්‍රේලියාව පරාජය කරයි ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග දෙකකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12) පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 49 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ. 12 February 2025
චීන්නුන්ට කසිප්පු විකිණූ චීනෙක් අත්අඩංගුවට වැල්ලම්පිටිය බ්‍රැන්ඩියාවත්ත ප්‍රදේශයේ නිවෙසක කසිප්පු පෙරා ෂැෂේ පැකට්වල අසුරා කොළඹ අවට සහ වරාය වැඩබිමිවල සේවය කරනු ලබන චීන ජාතිකයන්ට කසිප්පු අලෙවි කළ චීන ජාතිකයකු අද (12) අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලිසිය පවසයි. 12 February 2025
විදුලිය කපනවාද නැද්ද තීරණ හෙට විදුලි කප්පාදුව ක්‍රියාත්මක කරනවාද නැද්ද යන්න පිළිබඳව හෙට (13) පෙරවරුවේ තීරණය කිරීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා අද (12) පස්වරුවේ පැවසීය. 12 February 2025
ටෙලිනාට්‍ය කර්මාන්තයේ දියුණුවට ආණ්ඩුවෙන් අතහිත ටෙලිනාට්‍ය කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් සහ අනෙකුත් සේවා උපරිම අයුරින් සම්පාදනය කිරීමට රජය ක්‍රමවත් වැඩපිළිවෙළක් සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 12 February 2025
උපදේශක රොත්තකට පිං පඩි දීලා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ඛනිජ තෙල්, ලිහිසි ද්‍රව්‍ය සහ ජලය නියාමනයකට පත්කෙරුණු උපදේශකවරුන් ඒ කටයුතු වලට යොදා නොගෙන රුපියල් කෝටි දෙකකට වැඩි දීමනා ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 12 February 2025
ඉන්දියානු මහා කෝමසාරිස් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකියි ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහා කෝමසාරිස් සන්තොස් ජා මහතා මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් සමග විශේෂ සාකච්ඡාවක නිරත විය. 12 February 2025
රිදියගම සෆාරියේ සිංහ පැටවුන්ට නම් තබයි අම්බලන්තොට රිදියගම සෆාරී උද්‍යානයේ අළුත උපන් සිංහ පැටවුන් හය දෙනාට නම් තැබිම අද (12) සිදුවිය. 12 February 2025
ඇමැතුමක්දී තර්ජනය කළ පොලිස් පොඩ්ඩාට වැඩ වරදී ‘අද උඹලාගේ තලවතුගොඩ එකාට වෙඩි තියනවා. පුළුවන් දෙයක් කරපං‘ යනුවෙන් තංලංගම පොලිසියට දුරකතන ඇමැතුමක් දුන් බව කියන එම පොලිසියේම කොස්තාපල්වරයකු අත්ඩංගුවට ගත් බව තලංගම පොලිසිය පැවැසීය. 12 February 2025
මළ ගෙදරක බූරුපිටියේ වලියෙන් තිදෙනකු රෝහලේ අවමගුලක් පැවැති නිවසක ඛූරු පිටියක ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පසුව නිවසකට ඇතුළුව සිදුකල පහරදීමකින් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු හා කාන්තාවක ඊයේ (11) ප්‍රතිකාර සඳහා මාරස්සන රෝහලට හා මහනුවර ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව තලාතුඔය පොලීසිය සඳහන් කරයි . 12 February 2025
කෝටියක ‘අයිස්‘ සමඟ අයෙක් මාට්ටු රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් අටක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු කඳාන දුම්රියපොල පාරේදී අද (11) දා අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි. 12 February 2025
ජනපති - කුවේට් අගමැති හමු වෙයි 2025 ලෝක රාජ්‍ය සමුඵව සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් අහමඩ් අබ්දුල්ලා අල් අහමඩ් අල් සබා මහතා අතර හමුවක් පැවැත්විණි. 12 February 2025
‘කර්මාන්ත ක්ෂේත්රයට අය වැයෙන් බදු සහන දෙන්න බැහැ ‘ ඉදිරිපත් කිරීමට නියමිත අයවැය දී කර්මාන්ත ක්ෂේත්රයේ සඳහා මෙම වසර තුළ බදු අඩු කිරීමේ කිසිදු හැකියාවන් නොමැති බව කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා හෝමාගම දී පැවසීය. 12 February 2025
ජනපති අද ලෝක රාජ්‍ය නායක සමුළුව අමතයි අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී අද (12) පස්වරුවේ ලෝක රාජ්‍ය සමුළුවේ ප්‍රධාන සැසිවාරය ඇමතීමට නියමිතය. 12 February 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025