ඉන්දියාවෙන් පිටමං කළ අපරාධකරු කටුනායකින්
ශ්රී ලංකාව තුළ අපරාධ රැසක් සිදු කර ඉන්දියාවට පළා ගොස් සිටි , රජයේ ලියාපදිංචි අපරාධකරුවෙකු , ගමන් බලපත්ර නොමැතිව ඉන්දියාවේ රැදී සිටියදී , එරට ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන පිටුවහල් කර ඇති අතර , ඔහු කටුනායක ගුවන් තොටුපොළට පැමිණ සිටියදී , ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .