ඇමෙරිකාව එක්ක කළ තීරු බදු සාකච්ඡාව ගැන රජයෙන් ප්‍රකාශයක් ඇමරිකාව විසින් පනවන ලද තීරු බදු සම්බන්ධව අපක්ෂපාතී හා සාධාරණ වෙළෙඳ සබඳතාවක් සහතික කරලීම සඳහා කඩිනමින් ගිවිසුමකට එළැඹිය හැකි බව එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත තානාපති ජේමිසන් ග්‍රියර් (Jamieson Greer) මහතා පැවසුවේ යැයි ශ්‍රී ලංකා රජය පවසයි. 25 April 2025
ඉන්දු පාකිස්තාන දේශ සීමාවේ වෙඩි හුවමාරු ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ එරට ‘අයි.එස්.’ අංශය සිටිනවා යැයි ඉන්දියාව චෝදනා කිරීමත් සමඟ කාශ්මීරයේ ඉන්දු පාකිස්තාන දේශසීමාවේ ඉන්දීය හමුදා මුරපොළ කීපයකට පාකිස්තාන හමුදා වෙඩි තැබීය. 25 April 2025
දේශබන්දු අධිකරණයට අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් මාතර මහාධිකරණයෙන් නොතිසි ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද උදෑසන 09:05 ට අධිකරණයට පැමිණීයේය. 25 April 2025
මහනුවර වීඩියෝවක් ගැන පොලිසියෙන් විමර්ශන ’’අනේ යනවා ඕයි යන්න , බම්බුව, රෙද්ද අස්සෙ රිංගනවා ’’ යැයි මහා හඩින් මහනුවර දළදා මාලිගාවේ ශ්‍රී දන්ත ධාතු වන්දනා කිරීම සඳහා රැස්ව සිටි සැදැහැවතුන් දහසක් දෙනා ඉදිරිපිටදී පොලිස් නිලධාරියකු විසින් යුද හමුදා පොලිසියේ නිලධාරියකුට බැන වදින වීඩියෝ දර්ශන පෙළක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතින බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි. 25 April 2025
ජනපති හදිසියේ මහනුවර වන්දනා බැතිමතුන් හමුවට යයි ජනාධිපති අනුර දිසානායක මහතා ඊයේ රාත්‍රියේ මහනුවර සිරි දළදා වන්දනාවේ නිරත බැතිමතුන් හමුවට හදිසියේ ගොස් ඔවුන්ගේ සුව දුක් විමසා බැලුවේය. 25 April 2025
මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවෙක් ඉන්දියාවෙන් පිටුවහල් කරයි මිද්දෙණිය පොලිස් වසමේ ඉකුත් පෙබරවාරි මස 18 දින සිදු කළ වෙඩි තැබීමකින් ත්‍රිත්ව මිනිස් ඝාතයක් සිදු කිරිමට , යතුරු පැදිකරු ලෙස කටයුතු කළ බවට සැකකෙරෙන 31 හැවිරිදි සැකකරු ඉන්දියාවෙන් පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපොළට අද(25) අලුයම එවා තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 25 April 2025
ඇතැම් ස්ථානවලට මිලි මිටර් 100 ඉක්මවූ තද වැසි උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිටි පැමිණෙන සුළං (අන්තර් නිවර්තන අභිසාරි) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 25 April 2025
දෙවුන්දර ද්විත්ව ඝාතනයට තවත් අයෙක් මාට්ටු මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය අසලදී සිදු වූ ද්විත්ව ඝාතනයට පැමිණි වෙඩිකරුවන් සිව් දෙනා ප්‍රවාහනය කළ බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 25 April 2025
ඉන්දියාව - උණුසුම් වෙයි පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි 24 April 2025
ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි. 24 April 2025
භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය පහසුකම් වැඩසටහන තාක්ෂණික සහාය ලබා දෙමින් විශාල කාර්ය භාර්යයක් ඉටුකළ බව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේය. 24 April 2025
‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘ මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවරදී අද (24)පැවසීය. 24 April 2025
රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇතැයි රතනපුරයේ පැවති සාකච්ඡාවකදි හෙළි විය. 24 April 2025
හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා රුපියල් ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප 02 ක් මත මුදා හරින ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද නියෝග කළේය. 24 April 2025
ජනපති වතිකාන තානාපති කාර්යාලයට ගොස් සොව පළ කරයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) දහවල් වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ සිය ශෝකය පළ කළේය. 24 April 2025
ලැගුම්හලේ කතක මාරා බස් පොළේ දමාගිය චුදිතයාට මරණ දඬුවම් ලැගුම්හලකදී කාන්තාවක මරා ගමන් මල්ලක දමාගෙන විත් කොළඹ බැස්ටියෙන් පාරේ බස් නැවතුම්පොලේ දමා යෑමේ චෝදනාවන්ට වරදකරුවු පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා මරණ දඬුවම නියම කළේය. 24 April 2025
කොළඹ අගරදගුරුතුමෝ පාප්වහන්සේට ගෞරව දක්වති ස්වර්ගස්ථ වූ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයට මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා අද (24) ගෞරව දැක්වූහ. 24 April 2025
අප්‍රේල් 26 ජාතික ශෝක දිනයක් කරයි අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදු කෙරෙන අප්‍රේල් 26 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ. 24 April 2025
අපේක්ෂිකාවට ජන්ද කාඩ් දුන් ලියුම් බෙදන්නාත් අත්අඩංගුවට පුත්තලම ප්‍රාදේශීය සභාවට තරඟ වදින අපේක්ෂීකාවකට නිල ජන්ද පත්‍රිකාවක් ලබා දුන් බව කියන පුත්තලම ප්‍රධාන තැපැල් කාර්යාලයෙ ලියුම් බෙදන්නා අද (24) දහවල් අත්ඩංගුවට ගත් බව පොලීසිය කියයි. 24 April 2025
‘කුෂ් ‘සමඟ විදෙස් සරසවි සිසුවා අත්අඩංගුවට රුපියල් පන් කෝටි තිස් ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැති ’’ හරිත මාවත ’’ ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කිරීමේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද(24) අත් අඩංගුවට ගෙන තිබේ . 24 April 2025
ඡන්ද අපේක්ෂිකාවක් නිල ඡන්ද පත්‍රිකා 86 ක් සමඟ අල්ලයි නැගී එන දේශපාලන පක්ෂයක අපේක්ෂිකාවක් නීති විරෝධි ලෙස නිළ ජන්ද පත්‍රිකාවක් තොගයක් සිය නිවසේ සඟවාගෙන සිටියදී අද( 24 ) අලුයම අත් අඩංගුවට ගත් බව පුත්තලම මූලස්ථාන පොලිසිය කියයි. 24 April 2025
ඌව පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය ප්‍රධාන ලේකම්ට ඇප ඌව පළාත් සභාව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ස්ථාවර බැංකු ගිණුම් හයක් කල් පිරීමට පෙර ඉවත් කර ගනිමින් රජයට රුපියල් ලක්ෂ 173 ක අලාභයක් සිදු කළේ යැයි කියන සිද්ධියට අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය ප්‍රධාන ලේකම්( මූල්‍ය) සුමිත්‍රා සිල්වා සැකකාරිය ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණ වෙල මහතා අද නියෝග කළේය. 24 April 2025
දළදා වන්දනාව හැම වසරකම? දළදා වන්දනාව වසරක් පාසා පැවැත්වීමට යෝජනාවක් ඉදිරිපත් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්බීඑස් අභයකෝන් මහතා තීරණය කර ඇත. 24 April 2025
සූර්වී උඩුගුවනේදී අනඟරැඟුම් පෑ විදේශිකයාට දඩ උඩු ගුවනේදී සුර් වී ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවක් ඉදිරියේ අනග රැඟුන්පැ 65 හැවිරිදී ස්විඩන් ජතිකයෙකුට රුපියල් 26500. 00 දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණ වෙල මහතා අද නියම කළේය. 24 April 2025
ඕඩිසී දුම්රියේ ටිකට් වංචාවට SMලා සම්බන්ධ දැයි විමර්ශන ඇල්ල ඕඩිසී දුම්රිය ටිකට් පත් වැඩි මිලට විකිණීමේ ජාවාරමට දුම්රිය ස්ථානාධිපතිවරුන් හා කාර්ය මණ්ඩලය සම්බන්ධ වී ඇද්ද? යන්න පිළිබඳව දුරකථන විශ්ලේෂණ වාර්තා ඔස්සේ විමර්ශන සිදු කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දැක්වූ රහස් පොලිසිය අද (24)පැවසීය . 24 April 2025
පාප්වහන්සේ වෙනුවෙන් දිව්‍ය පූජාව 26දා කොටහේනේදී ශුදතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම වෙනුවෙන් ශ්‍රි ලංකාවේ වතිකාන තානාපති අති උතුම් බ්‍රයන් උදේග්වා හිමිපාණන් සහ ශ්‍රි ලංකාවේ රදගුරුතුමන්ලාගේ සහභාගිත්වයෙන් පුදනු ලබන දිව්‍ය පූජාව කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී අනිද්දා (26) පස්වරු 6.00 ට පැවැත්වෙන බව ජාතික කතෝලික ජනසන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා පැවසූහ. 24 April 2025
ට්‍රම්ප්ට නඩු පිට නඩු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිපත්තිය නැවැත්වීමේ අරමුණින්, ඇමෙරිකාවේ ජනපද 12 ක් ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නඩු පවරා ඇත. ඒ, ඇමෙරිකන් ජාත්‍යන්තර වෙළෙඳ අධිකරණය හරහාය. 24 April 2025
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලොකු සමුළුවක් ලංකාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2025 වර්ෂයට අදාල දකුණු ආසියානු කලාපීය සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට එකඟතාවය පළ වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 24 April 2025
රනිල්ගෙන් මෝදිට ලියුමක් ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහළගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය දැඩිව හෙලා දකින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ලිපියක් යොමු කරමින් සඳහන් කරයි. 24 April 2025
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026