
(රන්ජන් කටුගම්පොළ)
නඩුවකට පෙනී සිටීම සඳහා හමුදා මේජර්වරයකුගෙන් රුපියල් 50000/-ක් ලබාගෙන නඩුවට පෙනීනො සිට නීතිඥයකුට නුසුදුසු ආකාරයෙන් හැසිරීමේ චෝදනාවන්ට වරදකරු වු නීතිඥ වසන්ත විජයවර්ධන මහතා නීතිඥභාවයෙන් ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය.
මෙවැනිම හැසිරීමක් හේතූවෙන් මීට පෙරදීත් වසර හතක තහනමක් පනවා තිබු නීතිඥ වසන්ත විජයවර්ධන මහතා මෙම සිද්ධියට අදාළව ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය පවත්වු පරීක්ෂණයේදී හමුදා මේජර්වරයාුගෙන් ලබාගත් රුපියල් 50000/-ක මුදල යළි ගෙවීමට පොරොන්දුවි එම පොරොන්දුවද පැහැර හැරීම මෙන්ම පැමිණිල්ල සලකා බැලූ අවස්ථාවේදීත් කිසි විටෙකත් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී නොසිටීමද සැළකිල්ලට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස තීරණය කළේය.
වත්තේගම ප‍්‍රදේශයේ පදිංචි මේජර් අ”ප” පලිපාන මහතා ගොනුකර තිබූ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව නීතිඥ වසන්ත විජයවර්ධන මහතා මෙලෙස නීතිඥභාවයෙන් ඉවත් කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මහින්ද සමයවර්ධන ප‍්‍රියන්ත ප‍්‍රාන්දු සහ ශිරාන් ගුණරත්න මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ නඩුව විභාග කෙරිණී.
මූලික අයිතිවාසිකම් නඩුවක් වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදලකට පෙනී සිටීමට පොරොන්දුවි රුපියල් 50000/-ක මුදලක් ලබාගෙන අදාළ මූලික අයිතිවාසිකම් නඩුවට පෙනී නොසිට ලබාගත් රුපියල් 50000/-ක මුදල හෝ ආපසු නොගෙවීමෙන් වගඋත්තරකාර නීතීඥවරයා.
නීතිඥවරයකුට නුසුදුසු ආකාරයට හැසිරෙන ලදැයි චෝදනා කරමින් වගඋත්තරකරුට නීතීඥවරයාට එරෙහිව පැමිණිලිකරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ගොනු කෙරිණී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේම බොරු කප්පරක් කියලා බලය ලබාගෙන, එය රැක ගැනීමට තව දුරටත් බොරුම කියන අපේ වෛරක්කාර මාලිමා ආංඩුවෙ ලොක්කන්ගෙත් දේශපාලන කබා ගලවන්න? අපි වගේ හේදුම් උන්දැලාගෙ නම් සියල්ල ගැලවී ඇති නිසා අමුතුවෙන් නිරුවත් කරන්න එන්න එපා ඕං!
ගම්පොල උසාවියේ ලෝයර්ලාත් මෙය නිතර කරනවා...
ගල්කිස්ස උසාවිය ඉදිරිපිට නීතීඥයෙකුට නුසුදුසු ආකාරයට ගොං පාට් දාපු මොංගල් නීතීඥතුමාගේ කෝට් එකත් ගලවන්න බැරිද?මුං කෝට් එකත් දාගෙන රඟන්නේ පාතාලයටත් අන්ත විදිහටනේ??
පාතාලය වගේම සමහර කලු කබා කාරයින්ගේ කබාය ගලවන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. සල්ලිවලට අසූචි වුණත් අනුභව කරන කාලකන්නි මේ ක්ෂේත්‍රයට කරන්නේ පුදුම හානියක්. දැක්කනේ අර වන්නිනායක කියන අපතයා නීති සංගමයේ සභාපතිගේ වාහනයේ උසාවියට ආව හැටි...
ඇන්ඩෘ, මාලිමාවේ කබාය ගලවලා රනිල්ට දෙන්නද?
මේ වගේම එකෙක් ඉන්නවා වෙන්නප්පුවේ වරුණ වීරසුරිය කියලා වැඩියෙන්ම කරන්නේ කුඩු මුදලාලිලාට ඇප ලබාදෙන එක ලක්ෂ 20ක් 30ක් ගන්නවා ඇපගත්තට පස්සේ මු නඩුවට යන්නේ නැහැ රුපියල් 1000ක් විතර දීලා පොඩි ලෝයර් කෙනෙක් යවනවා. චුදිතව බයකරනවා ඔයාට අනිවාර්යෙන් හිරේ යන්න වෙනවා ඩුබායි වලට පැනගන්න කියලා. චුදිතට වොරන්ට් වෙනවා වරුණ ජොලියේ ඉන්නවා. අනෙක මිනිහා ට්‍රයල් කරන්න කියලා බාරගත්තාට මෙලෝ දෙයක් දන්නේ නැහැ. නඩුවක් දුන්නොත් ඇදලා ඇදලා අනිවාර්යෙන් හිරේ...