IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


සල්ලි අරන් නඩුවට නොආ ලෝයර්ගේ කබාය ගලවයි

(රන්ජන් කටුගම්පොළ)

නඩුවකට පෙනී සිටීම සඳහා හමුදා මේජර්වරයකුගෙන් රුපියල් 50000/-ක් ලබාගෙන නඩුවට පෙනීනො සිට නීතිඥයකුට නුසුදුසු ආකාරයෙන් හැසිරීමේ චෝදනාවන්ට වරදකරු වු නීතිඥ වසන්ත විජයවර්ධන මහතා නීතිඥභාවයෙන් ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය.

මෙවැනිම හැසිරීමක් හේතූවෙන් මීට පෙරදීත් වසර හතක තහනමක් පනවා තිබු නීතිඥ වසන්ත විජයවර්ධන මහතා මෙම සිද්ධියට අදාළව ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය පවත්වු පරීක්ෂණයේදී හමුදා මේජර්වරයාුගෙන් ලබාගත් රුපියල් 50000/-ක මුදල යළි ගෙවීමට පොරොන්දුවි එම පොරොන්දුවද පැහැර හැරීම මෙන්ම පැමිණිල්ල සලකා බැලූ අවස්ථාවේදීත් කිසි විටෙකත් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී නොසිටීමද සැළකිල්ලට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස තීරණය කළේය.

වත්තේගම ප‍්‍රදේශයේ පදිංචි මේජර් අ”ප” පලිපාන මහතා ගොනුකර තිබූ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව නීතිඥ වසන්ත විජයවර්ධන මහතා මෙලෙස නීතිඥභාවයෙන් ඉවත් කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මහින්ද සමයවර්ධන ප‍්‍රියන්ත ප‍්‍රාන්දු සහ ශිරාන් ගුණරත්න මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ නඩුව විභාග කෙරිණී.

මූලික අයිතිවාසිකම් නඩුවක් වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදලකට පෙනී සිටීමට පොරොන්දුවි රුපියල් 50000/-ක මුදලක් ලබාගෙන අදාළ මූලික අයිතිවාසිකම් නඩුවට පෙනී නොසිට ලබාගත් රුපියල් 50000/-ක මුදල හෝ ආපසු නොගෙවීමෙන් වගඋත්තරකාර නීතීඥවරයා.

නීතිඥවරයකුට නුසුදුසු ආකාරයට හැසිරෙන ලදැයි චෝදනා කරමින් වගඋත්තරකරුට නීතීඥවරයාට එරෙහිව පැමිණිලිකරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ගොනු කෙරිණී.

 



අදහස් (7)

සල්ලි අරන් නඩුවට නොආ ලෝයර්ගේ කබාය ගලවයි

ඇන්ඩෘ සෙබඩවිල Thursday, 16 October 2025 09:46 PM

මේ වගේම බොරු කප්පරක් කියලා බලය ලබාගෙන, එය රැක ගැනීමට තව දුරටත් බොරුම කියන අපේ වෛරක්කාර මාලිමා ආංඩුවෙ ලොක්කන්ගෙත් දේශපාලන කබා ගලවන්න? අපි වගේ හේදුම් උන්දැලාගෙ නම් සියල්ල ගැලවී ඇති නිසා අමුතුවෙන් නිරුවත් කරන්න එන්න එපා ඕං!

:       44       11

Rata Perata Friday, 17 October 2025 01:42 PM

මාලිමා ආණ්ඩුව සහ මේක අතර තියෙන සම්බන්ධය මොකක්ද? මේ වගේ බයි මානසික ලෙඩ්ඩුන්ගේ මෝඩ අදහස් පළ කරන්න එපා. ඒක පාඨක බුද්ධියට කරන නිග්‍රහයක්...

:       2       15

chamin Thursday, 16 October 2025 11:24 PM

ගම්පොල උසාවියේ ලෝයර්ලාත් මෙය නිතර කරනවා...

:       0       15

කව්ද බෝයි Friday, 17 October 2025 09:41 AM

ගල්කිස්ස උසාවිය ඉදිරිපිට නීතීඥයෙකුට නුසුදුසු ආකාරයට ගොං පාට් දාපු මොංගල් නීතීඥතුමාගේ කෝට් එකත් ගලවන්න බැරිද?මුං කෝට් එකත් දාගෙන රඟන්නේ පාතාලයටත් අන්ත විදිහටනේ??

:       1       36

Rata Perata Friday, 17 October 2025 01:47 PM

පාතාලය වගේම සමහර කලු කබා කාරයින්ගේ කබාය ගලවන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. සල්ලිවලට අසූචි වුණත් අනුභව කරන කාලකන්නි මේ ක්ෂේත්‍රයට කරන්නේ පුදුම හානියක්. දැක්කනේ අර වන්නිනායක කියන අපතයා නීති සංගමයේ සභාපතිගේ වාහනයේ උසාවියට ආව හැටි...

:       2       14

Mohan Friday, 17 October 2025 02:05 PM

ඇන්ඩෘ, මාලිමාවේ කබාය ගලවලා රනිල්ට දෙන්නද?

:       3       12

Kehelbaddara Saman Saturday, 15 November 2025 12:07 AM

මේ වගේම එකෙක් ඉන්නවා වෙන්නප්පුවේ වරුණ වීරසුරිය කියලා වැඩියෙන්ම කරන්නේ කුඩු මුදලාලිලාට ඇප ලබාදෙන එක ලක්ෂ 20ක් 30ක් ගන්නවා ඇපගත්තට පස්සේ මු නඩුවට යන්නේ නැහැ රුපියල් 1000ක් විතර දීලා පොඩි ලෝයර් කෙනෙක් යවනවා. චුදිතව බයකරනවා ඔයාට අනිවාර්යෙන් හිරේ යන්න වෙනවා ඩුබායි වලට පැනගන්න කියලා. චුදිතට වොරන්ට් වෙනවා වරුණ ජොලියේ ඉන්නවා. අනෙක මිනිහා ට්‍රයල් කරන්න කියලා බාරගත්තාට මෙලෝ දෙයක් දන්නේ නැහැ. නඩුවක් දුන්නොත් ඇදලා ඇදලා අනිවාර්යෙන් හිරේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 327 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 356 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1293 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site