
(සුජිත් හේවාජුලිගේ)
අඩු තරමින් ඕලෙවල් සහතිකයවත් නැති තමාට අද තියෙන්නේ උප්පැන්න සහතිකය ජාතික හැඳුනුම්පත සහ රියදුරු බලපත්‍රය පමණක් බවත් වැඩ කිරීමට තමාට අධ්‍යාපන සහතික කිසි දිනක අවශ්‍ය නොවූ බවත් කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් වාරිමාර්ග සහ මහවැලි අමාත්‍ය කේඩී ලාල් කාන්ත මහතා පැවසීය.
අධ්‍යාපන සහතික නැතත් සාමාන්‍ය මනුස්සයෙකු අවුරුදු පන්සීයකින් කරන දේ තමා දැනටමත් අවසන් කර ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසූවේ මහනුවර පැවැති වැඩසටහනකදීය.
කේඩී ලාල්කාන්ත මහතා මෙසේද පැවසීය
මට තියෙන සහතික ටික මම කියන්නම්. උප්පැන්න සහතිකය තියෙනවා. ජාතික හැඳුනුම්පත තියෙනවා. පාස්පෝට් එක තියෙනවා. තවත් එකක් තියෙනවා. ඒ
රියදුරු බලපත්‍රය. එච්චරමයි. ඕලෙවල් සහතිකයවත් මගේ ළඟ නැහැ. තව මම ගන්න බලාපොරොත්තු වෙන්නේ එක සහතිකයයි. හැබැයි ඒක මට හම්බවෙන්නේ නෑ. ඒ මරණ සහතිකය.
වැඩ කරන්න මගේ ජීවිතේට කවදාවත් අධ්‍යාපන සහතික අවශ්‍ය වුණේ නැහැ. දැන් මම කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් වාරිමාර්ග මහවැලි ඇමැති. ඌට තියෙන්නේ උප්පැන්නේ සහතිකයයි අර කියපු සහතික ටිකයි විතරමයි. වෙන මොකුත් නෑ. හැබැයි සාමාන්‍ය මනුස්සයෙක් අවුරුදු පන්සියයකින් කරන දේ මම කරලා ඉවරයි . ඒකයි මම කිව්වේ තරුණයන්ට අභියෝග කරනවා කියලා.
සමහරුන් උපාධි ලබනවා. සහතික ලබනවා. ඒවා ගෙදර සාලයේ ගහනවා . ඒකට මගේ විරෝධයක් නැහැ. ඉගෙන ගන්න ඕන ප්‍රදර්ශනයට නොවෙයි. ලෝකෙට පෙන්වන්න නෙවෙයි. රජය කියන්නේ රැකියා දෙන ආයතනයක් නොවේ. රැකියා නිෂ්පාදනය කිරීමේ වපසරිය නිර්මාණය කරන ආයතනය.
2025 ඔක්තෝබර් මස 08
1476
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1320
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
‘‘වැඩ කරන මිනිහට සහතික අවශ්‍ය නෑ‘‘
මහසෙන් Friday, 17 October 2025 02:40 PM
දැන් මේ දේවල් කියලා මෙයා බලාපොරොත්තු වෙන්නේ මොනවද? තම රජයේම ඉන්න තවත් ව්‍යාජ උගත්තු ගැන හෝඩුවාවක් ද දෙන්නේ.
සඳමාලි Friday, 17 October 2025 03:48 PM
ඇත්ත තමයි. මෙයාලාගේ පක්‍ෂය අවුරුදු 60ක් පුරා මේ රටට කළ අපරාධ, විනාසය සහ මිනිස්සු තුළ ඇති කළ පසුගාමී සහ අගතිගාමී චින්තනය, වෛරය ක්‍රෝධය පැතිරවීමට වෙනත් පක්‍ෂයකට හෝ කෙනෙකුට නම් අවුරුදු 500කට වත් බෑ.
Indika Friday, 17 October 2025 04:00 PM
උගතුන් ගෙන් පුරවනවා කියපු පාර්ලිමේන්තුවේ දැං ඇමතිකං කොරන්නේ ඕ ලෙවල් වත් නැති අයද.. හපොයි පුනරුදේ...
සිල්වා Friday, 17 October 2025 04:27 PM
ඔබතුමාට හිටි හැටියේ හරි ඇත්ත කියන නිර්භීත මහත්මයෙක් කියන සහතිකය අප ලබා දෙනවා.
Neel Friday, 17 October 2025 04:56 PM
ලාල්කාන්ත කියන්නේ ඇත්ත වශයෙන්ම අවංක මිනිසෙක්. දැන් ඔය ලංඩන් ගිහිල්ල ඉගෙන ගෙන පාර්ලිමේන්තුවට ගිය අය සෝබෝන් ගිහිල්ල ඉගෙන ගත්ත අය රට පාලනය කරලා කරපු හරිය අපි තාම විදවනවා. කොහොමද ඒක.
Asela Friday, 17 October 2025 05:13 PM
76 ශාපයක් නිසා නූගත් මිනිස්සු ගොඩක් ඇමතිවරු වෙලා තියෙනවා.
ගුණරත්න Friday, 17 October 2025 05:16 PM
ජනාධිපති ප්‍රේමදාසත් ඔය වගේ මෝඩ ආතල් දුන්නා. හැබැයි උන්නැහේ නම් රිලව් ගණන් කරනවාට වඩා ප්‍රායෝගික වැඩ කළා.
ගමේ එකාලා Friday, 17 October 2025 05:16 PM
ඔබතුමා සෑහෙන්ඩ වැඩ කොටසක් කරන එකත් සතුටක්. හිටපු දෙකවත් පාස් නැති, මාල හොරු, මැරයෝ, ජඩයෝ , රටම හොරා කාලා විනාශ කරපු කපටි කයිරාටික බලලෝලි බඩගෝස්තරවාදි කාලකන්නි දුශිත දේසපාලුවන්ට වැඩිය හොදා.
රටේ එකාලාFriday, 17 October 2025 10:24 PM
ගමේ එකාලාගේ ගම පැලවත්තද?
උකුස්සා Friday, 17 October 2025 06:17 PM
හොරකම් කරන මිනිහට PHD එකකින් වැඩකුත් නැහැ
Wijepala Friday, 17 October 2025 06:47 PM
එහෙමනම් ඇමතිතුමෝ රජයේ සේවයට බදවාගැනීම් සදහා අධ්‍යාපන සුදුසුකම් බලන්නේ මොකටද? 1994 ආණ්ඩුවේ කට්ටිය වගේ වැඩ කළාම හරිනේ 1999 උපාධිධාරීන්ට පත්වීම් දුන්නෙත් ලැයිස්තුවෙන්ම නේද?
PGP Thilak Friday, 17 October 2025 06:47 PM
වැඩ කිරීම් කෙසේවෙතත් වැඩ වර්ජන කරවන්න නම් සහතික අවශ්‍ය නෑ.
පිස්සු යකෙක් Friday, 17 October 2025 07:23 PM
පොලොවේ පය ගහලා ඉන්න නිර්ව්‍යාජ මිනිහෙක්. කියන්න ඕනෑ දේ කියන්න කොන්දක් තියෙන ශක්තිමත් මිනිහෙක්. ඇත්තටම සුන්දර මිනිහෙක් .. බයියන්ගේ උදහසට මඩ ගැහුවට දන්නෝ දනිති...
WEERAKOON Friday, 17 October 2025 07:29 PM
කෝ මොණරාගල?
Kolla Friday, 17 October 2025 07:29 PM
හරි දැන් අර කියන රැකියා උත්පාදනය කරන විදිහ පොඩ්ඩක් පැහැදිලි කරන්න... ඇත්තටම හොද අදහසක්...
Perera Saturday, 18 October 2025 04:51 AM
දේශයේ පියා ලෙස සැලකෙන මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිදුන්ටත් කිසිම අධ්‍යාපන සහතිකයක්, සුදුසුකමක් තිබුණේ නැතිලු.
ලුම්බිණි Saturday, 18 October 2025 04:56 AM
මෝඩ කතා නොකිය ඉන්න.
රනේ Saturday, 18 October 2025 01:16 PM
බුද්ධිමත්කම හා උගත්කම කියන්නේ දෙකක්. බුද්ධිමතුන් තමයි ප්‍රායෝගික...
Nandana Saturday, 18 October 2025 05:11 PM
මේ ගොනා කියන්නේ ඉගෙනගෙන නැ කියලා නේ