
(සුජිත් හේවාජුලිගේ)
අඩු තරමින් ඕලෙවල් සහතිකයවත් නැති තමාට අද තියෙන්නේ උප්පැන්න සහතිකය ජාතික හැඳුනුම්පත සහ රියදුරු බලපත්‍රය පමණක් බවත් වැඩ කිරීමට තමාට අධ්‍යාපන සහතික කිසි දිනක අවශ්‍ය නොවූ බවත් කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් වාරිමාර්ග සහ මහවැලි අමාත්‍ය කේඩී ලාල් කාන්ත මහතා පැවසීය.
අධ්‍යාපන සහතික නැතත් සාමාන්‍ය මනුස්සයෙකු අවුරුදු පන්සීයකින් කරන දේ තමා දැනටමත් අවසන් කර ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසූවේ මහනුවර පැවැති වැඩසටහනකදීය.
කේඩී ලාල්කාන්ත මහතා මෙසේද පැවසීය
මට තියෙන සහතික ටික මම කියන්නම්. උප්පැන්න සහතිකය තියෙනවා. ජාතික හැඳුනුම්පත තියෙනවා. පාස්පෝට් එක තියෙනවා. තවත් එකක් තියෙනවා. ඒ
රියදුරු බලපත්‍රය. එච්චරමයි. ඕලෙවල් සහතිකයවත් මගේ ළඟ නැහැ. තව මම ගන්න බලාපොරොත්තු වෙන්නේ එක සහතිකයයි. හැබැයි ඒක මට හම්බවෙන්නේ නෑ. ඒ මරණ සහතිකය.
වැඩ කරන්න මගේ ජීවිතේට කවදාවත් අධ්‍යාපන සහතික අවශ්‍ය වුණේ නැහැ. දැන් මම කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් වාරිමාර්ග මහවැලි ඇමැති. ඌට තියෙන්නේ උප්පැන්නේ සහතිකයයි අර කියපු සහතික ටිකයි විතරමයි. වෙන මොකුත් නෑ. හැබැයි සාමාන්‍ය මනුස්සයෙක් අවුරුදු පන්සියයකින් කරන දේ මම කරලා ඉවරයි . ඒකයි මම කිව්වේ තරුණයන්ට අභියෝග කරනවා කියලා.
සමහරුන් උපාධි ලබනවා. සහතික ලබනවා. ඒවා ගෙදර සාලයේ ගහනවා . ඒකට මගේ විරෝධයක් නැහැ. ඉගෙන ගන්න ඕන ප්‍රදර්ශනයට නොවෙයි. ලෝකෙට පෙන්වන්න නෙවෙයි. රජය කියන්නේ රැකියා දෙන ආයතනයක් නොවේ. රැකියා නිෂ්පාදනය කිරීමේ වපසරිය නිර්මාණය කරන ආයතනය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ දේවල් කියලා මෙයා බලාපොරොත්තු වෙන්නේ මොනවද? තම රජයේම ඉන්න තවත් ව්‍යාජ උගත්තු ගැන හෝඩුවාවක් ද දෙන්නේ.
ඇත්ත තමයි. මෙයාලාගේ පක්‍ෂය අවුරුදු 60ක් පුරා මේ රටට කළ අපරාධ, විනාසය සහ මිනිස්සු තුළ ඇති කළ පසුගාමී සහ අගතිගාමී චින්තනය, වෛරය ක්‍රෝධය පැතිරවීමට වෙනත් පක්‍ෂයකට හෝ කෙනෙකුට නම් අවුරුදු 500කට වත් බෑ.
උගතුන් ගෙන් පුරවනවා කියපු පාර්ලිමේන්තුවේ දැං ඇමතිකං කොරන්නේ ඕ ලෙවල් වත් නැති අයද.. හපොයි පුනරුදේ...
ඔබතුමාට හිටි හැටියේ හරි ඇත්ත කියන නිර්භීත මහත්මයෙක් කියන සහතිකය අප ලබා දෙනවා.
ලාල්කාන්ත කියන්නේ ඇත්ත වශයෙන්ම අවංක මිනිසෙක්. දැන් ඔය ලංඩන් ගිහිල්ල ඉගෙන ගෙන පාර්ලිමේන්තුවට ගිය අය සෝබෝන් ගිහිල්ල ඉගෙන ගත්ත අය රට පාලනය කරලා කරපු හරිය අපි තාම විදවනවා. කොහොමද ඒක.
76 ශාපයක් නිසා නූගත් මිනිස්සු ගොඩක් ඇමතිවරු වෙලා තියෙනවා.
ජනාධිපති ප්‍රේමදාසත් ඔය වගේ මෝඩ ආතල් දුන්නා. හැබැයි උන්නැහේ නම් රිලව් ගණන් කරනවාට වඩා ප්‍රායෝගික වැඩ කළා.
ඔබතුමා සෑහෙන්ඩ වැඩ කොටසක් කරන එකත් සතුටක්. හිටපු දෙකවත් පාස් නැති, මාල හොරු, මැරයෝ, ජඩයෝ , රටම හොරා කාලා විනාශ කරපු කපටි කයිරාටික බලලෝලි බඩගෝස්තරවාදි කාලකන්නි දුශිත දේසපාලුවන්ට වැඩිය හොදා.
හොරකම් කරන මිනිහට PHD එකකින් වැඩකුත් නැහැ
එහෙමනම් ඇමතිතුමෝ රජයේ සේවයට බදවාගැනීම් සදහා අධ්‍යාපන සුදුසුකම් බලන්නේ මොකටද? 1994 ආණ්ඩුවේ කට්ටිය වගේ වැඩ කළාම හරිනේ 1999 උපාධිධාරීන්ට පත්වීම් දුන්නෙත් ලැයිස්තුවෙන්ම නේද?
වැඩ කිරීම් කෙසේවෙතත් වැඩ වර්ජන කරවන්න නම් සහතික අවශ්‍ය නෑ.
පොලොවේ පය ගහලා ඉන්න නිර්ව්‍යාජ මිනිහෙක්. කියන්න ඕනෑ දේ කියන්න කොන්දක් තියෙන ශක්තිමත් මිනිහෙක්. ඇත්තටම සුන්දර මිනිහෙක් .. බයියන්ගේ උදහසට මඩ ගැහුවට දන්නෝ දනිති...
කෝ මොණරාගල?
හරි දැන් අර කියන රැකියා උත්පාදනය කරන විදිහ පොඩ්ඩක් පැහැදිලි කරන්න... ඇත්තටම හොද අදහසක්...
දේශයේ පියා ලෙස සැලකෙන මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිදුන්ටත් කිසිම අධ්‍යාපන සහතිකයක්, සුදුසුකමක් තිබුණේ නැතිලු.
මෝඩ කතා නොකිය ඉන්න.
බුද්ධිමත්කම හා උගත්කම කියන්නේ දෙකක්. බුද්ධිමතුන් තමයි ප්‍රායෝගික...
මේ ගොනා කියන්නේ ඉගෙනගෙන නැ කියලා නේ