‘සෑම දරුවෙකුටම ඉතා උසස් ගණයේ අධ්‍යාපනයක් අරමුණයි ‘
ආණ්ඩුවේ වගකීම හොඳ අධ්‍යාපනයක් හරහා මේ සමාජයට ගුණගරුක, ආචාරශීලී හොද නායකත්වයක් බිහි කිරීම බවත් මෙරට සෑම දරුවෙකුටම ඉතා උසස් ගණයේ අධ්‍යාපනයක් ලබාදීමට අවශ්‍ය බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.