IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කලා වැව වාන් දමයි

(කුෂාන් ජයවර්ධන)

පවතින වැසි තත්වයත් සමඟ කලාවැව වාන් දැමීම ඊයේ (18) ආරම්භ විය.

ඒ සමගම ඊයේ පස්වරුවේ අඩි එක බැගින් විවෘත කෙරුණි.

 කලාවැව හදිසි වාන් දොරටු දෙකම ඊයේ(18) රාත්‍රිය වනවිට අඩි දෙක බැගින් වන සේ තවදුරටත් විවෘත  කිරීමට කලාවැව වාරි ඉංජිනේරුවන් කටයුතු කර තිබේ.

අද(19)  උදෑසන වනවිට කලාවැවේ සමස්ථ ජල මට්ටම ජල මට්ටම අක්කර අඩි 88759ක් දක්වා ඉහළ ගොස් තිබිණ.    

මේ වනවිට අඩි දෙක බැගින් වන සේ විවෘත කර ඇති කලාවැව හදිසි වාන් දොරටු දෙක මගින් කලාඔයට මුදා හැරෙන ජල ප්‍රමාණය තත්පරයට ඝණ අඩි 3447කි.

අද(19) උදෑන වනවිටත් දඹුළුඔය ඇතුළු ජල මූලා ඔස්සේ තත්පරයට ඝණ අඩි 4550කට ආසන්න ජල ප්‍රමාණයක් තවදුරටත් කලාවැවට එක්වෙමින් පවතින බව එම ජලාශ කාර්යාලය පවසයි.

වැවට එක්වන ජල ධාරිතාවය හා පවතින වැසි සහිත තත්වය සැලකිල්ලට ගෙන අවශ්‍ය වෙතොත් එම හදිසි වාන් දොරටු තව දුරටත් විවෘත කිරීමට සිදුවන බවද ජලාශ භාර වාරී ඉංජිනේරුවරු සදහන් කරති.

 



අදහස් (0)

කලා වැව වාන් දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 864 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site