ලසන්ත වික්‍රමතුංග කීත් නොයාර් විමර්ශන ලිපිගොනු නීතිපතිට මාධ්‍යවේ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සහ මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහරදීම සම්බන්ධයෙන් කරන ලද විමර්ශන අවසන් කර ඇති බව මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේය. 24 August 2025
රනිල්ගෙන් පළි අරන්: එක්සත් ජාතීන්ගේ කාර්යාලයටත් පැමිණිල්ලක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලයට පැමිණිල්ලක් භාරදී ඇත. 24 August 2025
ඇමැති 42ක් තෙල් සල්ලි එපා කියලා අග්‍රාමාත්‍යවරිය අමාත්‍යවරුන් නියෝජ්‍ය අමාත්‍යවරුන් හතළිස් දෙදෙනකු( පසුගිය 14 දිනට) පාර්ලිමේන්තුවෙන් ගෙවනු ලබන ඉන්ධන දීමනාව නොගන්නා බවට එහි ප්‍රධානීන්ට ලිඛිතව දැනුම් දී ඇත. 24 August 2025
ප්රජාතන්ත්රවාදය වළ දාන්න පෙට්ටියේ ලෑලි යතු ගාමින් ඉන්නවා ආණ්ඩුව ප්රජාතන්ත්රවාදය වළ දැමීම සඳහා මිනී පෙට්ටියේ ලෑලි යතුගාමින් සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපා සිරිසේන මහතා විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ ඒකාබද්ධ මාධ්‍ය හමුව අරඹමින් පැවසීය. 24 August 2025
පොඩි පන්තියේ වාහන ලක්ෂ දහයක් කොටඋඩ උග්‍ර ආර්ථික ගැටලු හේතුවෙන් මධ්‍යම පන්තියේ ජනතාවගේ මෝටර් රථ සහ යතුරුපැදි ඇතුළු විවිධ වාහන ලක්ෂ දහයකට ආසන්න ප්‍රමාණයක් කලට වේලාවට නඩත්තු කර පවත්වාගෙන යෑමට නොහැකිවීමෙන් නිවෙස් වල සහ ගරාජවල දිරාපත් වෙමින් පවතින බව වාහන නඩත්තු සේවා ආයතන සහ මූල්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කළේය. 24 August 2025
අකුණු සැරෙන් තිදරු පියා මරුට රත්මලේ කුඹුරු යායේදි අකුණු සැර වැදිමෙන් 53 හැවිරිදි තිදරු පියෙක් මිය ගොස් ඇතැයි කහටගස්දිගිලිය පොලිසිය කියයි. 24 August 2025
ඇමති නලින්දගෙන් තැපෑලට රතු එළියක් රජයේ ප්‍රතිපත්තිය සමඟ ගමන් කිරීමට නොහැකි තැපෑලේ අය ඉවත් කර හෝ මේ ගමන යන බව සෞඛ්‍යා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය 24 August 2025
අල්ලස්ගත් සැරයන් මාට්ටු රථ වාහන වරදක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකර සිටීම සඳහා රුපියල් පහළොස් දහසක අල්ලස් මුදලක් ලබාගත් බව කියන පොලිස් සැරයන්වරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ඊයේ( 23 )අත්අඩංගුවට ගනු ලැබීය. 24 August 2025
අදත් තැනින් තැනට පොඩි වැස්සක් බස්නාහිර සබරගමුව පළාත්වලත් මහනුවර,නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමෙන්තුව කියයි. 24 August 2025
බොරැලැස්ගමුවේ වෙඩි තැබිමකින් අයෙක් මරුට:තවත් අයෙක් රෝහලට බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවත හරහා පා ගමනින් ගමන් කළ පුද්ගලයන් දෙදෙනකුට ත්‍රීරෝද රථයකින් පැමිණි දෙදෙනකු අද අලුයම එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ දෙදෙනා ප්‍රතිකාර සදහා කලුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව ඉන් එක් පුද්ගලයකු මියගොස් ඇතැයි බොරලැස්ගමුව පොලීසිය පවසයි. 24 August 2025
සුදත්තගේ කතාව ගැන නලින්දගෙන් ප්‍රකාශයක් සමහර නඩු ගලාගෙන යන විදිය අනුව ඕන කෙනෙකුට පුරෝකථනයක් කරන්න පුළුවන් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් පැවසීය. 23 August 2025
රනිල් මේ දේවල්වලට හොඳින් මුහුණ දේවි රනිල් මේ සිදුවන දේවල් වලට හොඳින් මුහුණ දෙනු ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 23 August 2025
අනුර විපක්ෂයේ අපි ඔක්කොම එකතු කළා අනුර කුමාර දිසානායක විසින් විපක්ෂයේ අපි ඔක්කොම එකතු කරනු ලැබ ඇතැයි සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය. 23 August 2025
ගණේමුල්ලෙන් මත් කුඩු අල්ලයි මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන් දෙදෙනකු සමග රුපියල් කෝටි තුනක් පමණ වටිනාකමින් යුත් මත් ද්‍රව්‍ය තොගයක් අත් අඩංගුවට ගත් බව ගණේමුල්ල පොලීසිය සදහන් කරයි. 23 August 2025
රනිල් වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ නායකයෝ ඔක්කොම එක් වෙති බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් සියලුම දෙනාගේ එකතුවෙන් පුළුල් බලයක් ගොඩනැගීමට තීරණය කර තිබේ. 23 August 2025
හිටපු ජනපති රනිල් බන්ධනාගාර රෝහලෙන් ජාතික රෝහලට රුපියල් ලක්ෂ 166ක් අවභාවිත කළැයි කියන චෝදනාවක් සම්බන්දයෙන් දැනට රිමාන්ඩ් බාරයට පත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රෝගී තත්වයක් හේතවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට වෛද්‍යවරු නිර්දේශ කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. 23 August 2025
අධිවේගයේ අනතුර දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක සහ ගොඩගම අතර කිලෝමීටර 133. 4 ප්‍රදේශයේදී සිමෙන්ති ලොරියක් ඇතුළු වාහන හතරක් ගැටි දෙදෙනකු තුවාල ලබාඇතැයි අධිවේගී රථවාහන පොලිසිය කියයි 23 August 2025
අධිකරණ තීන්දු කලින් කීම උත්තරීතර නීතියට කළ අපහාසයක් ගරු අධිකරණය විසින් ලබා දෙන තීන්දු යූටියුබ්කරුවකු විසින් පූර්වයෙන් ප්‍රකාශයට පත් කිරීම උත්තරීතර නීතියට කළ අපහාසයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. 23 August 2025
ශිෂ්‍ය හිමිවරු - කතෝලික සිසුවෝ ජනපති කාර්යාලයට ත්‍රිකුණාමලය රතනජෝති විද්‍යාතන පිරිවෙන් හිමිවරුන්ට, නාකියාදෙණිය ශ්‍රී ගුණානන්ද කනිෂ්ඨ විද්‍යාලයේ සහ නිට්ටඹුව රෝමානු කතෝලික කනිෂ්ඨ විද්‍යාලයේ සිසු දරුදැරියන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කෙරෙන ‘Vision’ වැඩසටහනට සහභාගි වීමට අවස්ථාව උදා විය. 23 August 2025
රනිල් කියන්නේ කන්න නැති රටට ජීවය පිම්බ නායකයා රනිල් යනු කන්න බොන්න නොතිබූ රටකට ජීවය පිම්බ නායකයා බව කිසිවිටෙක අමතක කළ යුතු නැති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 23 August 2025
අගමැතිනි - පොලිස්පති හමුවක් 37 වන පොලිස්පතිවරයා වශයෙන් පත් වූ ප්‍රියන්ත වීරසූරිය මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය. 23 August 2025
ඔක්කොම එකතු වෙන්න කාලය හරි අපි දැන් එකතුවෙන්න ඕනෑ යයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 23 August 2025
අලුත් පක්ෂ 36ක් කුණු කූඩයට නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කෙරුණු අයදුම්පත් 36ක් ප්‍රතික්ෂේප කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 23 August 2025
මැති ඇමතිවරුන්ට මැතිසබේන් දුන්නු තෑග්ග කතානායක, නියෝජ්‍ය කතානායක, නියෝජ්‍ය කාරක සභා සභාපති අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පාර්ලිමේන්තුවෙන් පසුගිය වසර දහයක කාලයේදී(2015 සිට 2024 දක්වා)රුපියල් කෝටි 585 වැඩි වටිනා ඉන්ධන දීමනා ඇතුළු විවිධ දීමනා ගෙවා ඇතැයි එහි පාලනාධිකාරිය තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබාදී ඇති පිළිතුරක සඳහන්වේ. 23 August 2025
රනිල් බලන්න මහින්දත් එයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීමට බන්ධනාගාර රෝහලට මීට ස්වල්ප මොහොතකට පෙර පැමිණියේය. 23 August 2025
රනිල් බලන්න සජිත් බන්ධනාගාර රෝහලට රජයේ මුදල් අවභාවිතා කරමින් සිය බිරිදවන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රධානෝත්සවයක් සඳහා පෞද්ගලික සංචාරයක් ලෙස සහභාගි වීමට ලන්ඩනයට යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත් කර බන්ධනාගාර රෝහලේ රඳවා සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු හිටපු මැති ඇමතිවරු කීපදෙනකු බන්ධනාගාරය වෙත පැමිණ ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි 23 August 2025
මහරගම වෙඩිල්ලේ පැදිකරු මාට්ටු මහරගම නාවින්න සුපිරි ප්රදර්ශනාගාරයක් ඉදිරිපිට දී පුද්ගලයකුට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියේ පැදිකරු ලෙස කටයුතු කළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි 23 August 2025
සමෘද්ධියේ කෝටි 1290ක් බහිරවයෝ කාලා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ඇති ප්‍රජා මූල බැංකු දිස්ත්‍රික් කාර්යාල හා බැංකු මූල්‍ය අංශයේ කාර්ය මණ්ඩල නිලධාරීන් සඳහා සේවක පාරිභෝගික ණය, සේවක නිවාස ණය, විශේෂ සේවක ණය හා විශේෂ අපදා ණය වශයෙන් ලබාදී තිබූ රුපියල් කෝටි 1290 ක මුදලක් අය කරගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. 23 August 2025
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026