එක්ස්ප්‍රස් පර්ල් කපිතාන් - සී. කොන්සෝටියම් සමාගමේ පෙත්සම විභාගෙට
ලංකාවට ආසන්න මුහුදේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන විනාශවීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව මහාධිකරණයේ ගොනුකර ඇති චෝදනා නීතිවිරෝධී බවට තීරණය කර නඩුව නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලා එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා සහ එහි දේශීය නියෝජිත සමාගම වූ සී. කොන්සෝටියම් ලංකා සමාගමේ අධ්යක්ෂවරු ගොනුකළ අභියාචනා පෙත්සම් තුනක විභාගය පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද ආරම්භ කළේය.