(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
රුපියල් කෝටි හතරකට ආසන්න වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ 27 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
එම සැකකරු සමග කුෂ් මත්ද්‍රවය කිලෝ 9 ගෑම් 555 ක් පොලිස් භාරයට ගෙන ඇත.
කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත බස්නාහිර පළාත් දූෂණ මර්දන අංශයේ නිලධාරීන් දූෂණ මර්දන රාජකාරී කරමින් පාගමනින් යමින් සිටියදී ගෑන්ඩ්පාස් සිරිමුතු උයන නිවාස සංකීර්ණය අසලදී සැකසහිත පුද්ගලයකු පරික්ෂා කිරීමේදී ඔහුගේ කලිසම් සාක්කුවක කුෂ් මත්ද්‍රවය අඩංගු පොලිතින් කවරයක් හමුවීමෙන් අනතුරුව සිදුකළ ප්‍රශ්න කිරීමේදී සැකකරු පදිංචි ගෑන්ඩ්පාස් මැල්වත්ත නිවසේ සඟවා තිබූ කුශ් මත්ද්‍රවය තොගය සොයාගත් බව පොලිසිය කියයි.
සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd