IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


බටුවත්තේ දී බසයක් පෙරළේ

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

බාල දක්ෂ කඳවුරකට සහභාගීවී යළි නිවෙස් බලා යමින් සිටි පාසල් සිසු සිසුවියන් ඔවුන්ගේ මව්පියන් සහ පාසල් ගුරුවරියන් රැගත්  පෞද්ගලික බස් රථයක තිරිංග හදිසියේ අක්‍රියවීමෙන් රාගම බටුවත්ත දුම්රිය හරස් මාර්ගයේදී ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටී සිදුවීමට ගිය මහා අනතුරක් එම බස් රථයේ රියදුරාගේ දක්ෂතාවය හේතුවෙන්  වැළකී ගිය බව පොලිසිය කියයි.

තිරිංග හදිසියේ අක්‍රිය වීම නිසා රිය දුරුගේ පාලනයෙන් ගිලිහී ඉදිරියට ඇදී යමින් තිබූ බස් රථය ගැමුණු මාවතට හරවා ගැනීමට සමත් වී ඇති අතර එම අවස්ථාවේ නවතා තිබූ ත්‍රී රෝද රථයකද ගැටී බස් රථය පෙරළී යාම නිසා සිසු සිසුවියන් 12 දෙනකු සුළු තුවාල ලබා උතුරු කොළඹ රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පොලිස් ආරංචි මාර්ගවලින් දැනගැනීමට ඇත.

බස් රථය ඉදිරියට ධාවනය වූයේ නම් දුම්රියේ ගැටීමට බෙහෙවින් ඉඩ තිබූ බව සිද්ධිය දුටුවෝ පවසති.



අදහස් (2)

බටුවත්තේ දී බසයක් පෙරළේ

ඇන්ඩෘ සෙබඩවිල Sunday, 19 October 2025 07:28 PM

එම දක්‍ෂ රියැදුරු මහතාට අපගේ ප්‍රණාමය! නමුත් දරුවන් ද සමඟ දීර්ඝ ගමන් යෑමට පෙර බස් රථවල තිරිංග පිළිබඳ සොයා බලනවා නම් හොඳයි.

:       0       24

ගුණරත්න Monday, 20 October 2025 08:53 AM

ඔය හද්දා පරණ බස් කබල් තිරිංග අක්‍රිය වීම ගැන මම කලින් කියා තිබෙනවා, එත් මාළිමාවුන්ට ඒවා අල්ලන්නේ නැහැ උන් හිතා ඉන්නේ මම ආණ්ඩුවට බණිනවා කියලයි ඉතින් හිතරිදවාගෙන මට බනිනව. බදු අධික වීම නිසා ඔය පොඩි විනෝද සවාරි, කාර්යාල ප්‍රවාහනයල්, පාසැල් සිසු ප්‍රවාහනය වගේ ක්ෂේත්‍ර වල වාහන අලුත් ඒවා යොදවන්න බැහැ. මොකද ආදායම නව බස් රථයක් මිලදීගැනීමට ප්‍රමාණවත් නැහැ. ඉතින් පරණ කබල් පූට්ටු කරගෙන දුවනවා, අවුරුදු විස්සක් තිහක් හෝ ඊටත් පරණ කබල් මම අනන්තවත් දැක තිබෙනවා. ඉතින් අනතුරු වීම පුදුමයක්ද?

:       4       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site