
(රංජිත් රාජපක්ෂ )
තලවකැලේ නගර මධ්‍යයේ රතිඤ්ඤා දල්වමින් සිටි තරුණයන් දෙදෙනෙකු යට කර පලා ගොස් සැඟව සිටි බොලරෝ ලොරි රථයේ රියදුරා අද (20) දින සැකපිට අත්අඩංගුවට ගත් බව තලවකැලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසිය.
අද (20) අලුයම 12:30 ට පමණ අනතුරින් තුවාල ලැබූ තරුණයන් දෙදෙනා තලවකැලේ නගර මධ්‍යයේ රතිඤ්ඤා දල්වමින් සිටියදී නගර මධ්‍යයේන් අධික වේගයෙන් ධාවනය වූ ලොරි රථය තරුණයන් දෙදෙනා යට කර සැකකාර රියදුරා තලවකැලේ ග්‍රෙඩ් වෙස්ටන් වතුයායේ නිවසේ සැගව සිටියදී අත්අඩංගුවට ගත් බවත්, සැකකාර රියදුරා අධික ලෙස බීමත්ව සිටි බව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේය.
අනතුරින් තුවාල ලැබූ තරුණයින් දෙදෙනා බරපතල තුවල සහිතව ලිදුල රෝහලට ඇතුලත් කිරිමෙන් පසු තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර සදහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කළ බවද පොලිස් ස්ථානාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරවල් තියෙන්නෙ රතිඤ්ඤා පත්තුකිරීම සදහා නම් රියදුරා වැරදි වෙන්න හැකිය ඒත් පාරමැදම රතිඤ්ඤා පත්තුකිරීම කරද්දී ගිලන් රථයක් ආවානම් මොකක්ද වෙන්නෙ රූපවාහිනීයේ පුවත් හරහා දැක්ක නිසා කියන්නෙ .දැන් සමහර අයගේ කුඩා දරුවො පවා දෙතුන්දෙනා යතුරුපැදිවල නැගල හෙල්මට් නැතුව අනාරක්ෂිතව යනවා මගීන්ට රැකවරණය නැහැ බලන්න කෙනෙකුත් නැහැ