
(සුජිත් හේවාජුලිගේ)
රට පුරා තදින් පැතිර යන විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් පාලනය කිරීමේ පියවරක් ලෙස මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම හෝ වෙනත් එවැනි විකල්ප වැඩපිළිවෙළක් කෙටි කාලයක් වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලෙස මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා රජයට යෝජනා කරයි.
මත්ද්‍රව්‍ය ජාවාරම් වැඩි වන කාල වලදී සිංගප්පූරුව මියන්මාරය ඇෆ්ඝනිස්ථානය බංගලාදේශය චීනයේ ජපානය වියට්නාමය සහ ඉන්දියාව ආදී රටවල මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ඒ ආකාරයට කෙටිකාලීනව ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළේය.
එසේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ළගදීම අහෝසි කිරීමට රජය තීරණය කර ඇති හෙයින් දැනට එම පනත යටතේ රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින බරපතළ ගණයේ සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නිදහස්වීමේ අවදානමක් පවතින බව මහාචාර්යවරයා පැවසීය.
මේ හේතුවෙන් එම පනත අහෝසි කිරීමට පෙර බරපතළ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව පනත් කෙටුම්පතක් සම්මත කර ගැනීම ඉතාම වැදගත් බව ඔහු පෙන්වා දුන්නේය
මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අදාල නඩු විභාග ඉතා කඩිනම් කිරීමට යාන්ත්‍රණයක් සකස් කිරීමද ඉතා වැදගත් බවත් ඒ සඳහා රස පරීක්ෂක අංශ සහ අධිකරණ ක්‍රමවේදය ශක්තිමත් කළ යුතු බවත් හෙතෙම පැවසීය.
එසේ නොමැති වූවහොත් රැඳවුම් නියෝග කාලය අවසන්වී ඇප ලබාගෙන විදේශයන්ට පලා යෑමට එම අපරාධකරුවන්ට ඉඩහසර සැලසිය හැකි බව ප්‍රතිභා මහානාම හේවා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනීමරුවන්ට කෙසේවෙතත්, රට හූරන් කාපු තක්කඩි දේශ ද්‍රෝහීන්ටත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ටත්.., මරණීය දඩුවම ක්‍රියාත්මක කළ යුතුයි.
අනේ මහත්තයෝ! එතකොට කෝ අපට විපක්ෂයක්...?
මෙතුමාගේ යෝජනාව ඉතා කාලෝචිතයි. සියයට සීයක්ම නිවැරැදියි. රටේ බහුතරයක් ජනතාව මෙම අදහස දරන බව නොරහසක්. බටහිර රටවලින් විසිකරන කටු ලෙවකන NGO නඩ කීපයක් නම් විරුද්ධ වෙයි. නමුත්, මත වුවදුරෙන් රට බේරාගන්න නම් මෙම අදහස ක්‍රියාත්මක කළ යුතුමයි. ජනපතිතුමා ඇතුළු පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායකය මෙය ගැන නිසි අවධානය යොමු කර මෙම අදහස ක්‍රියාත්මක කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු...
අනිවාර්යයෙන් කළ යුතු දෙයක්..., ඔවුන් මරණ දඩුවම ලැබුණත් හිරේ ඇතුලේ සිට දුරකථන භාවිතා කරමින් ගෝලයන්ට අණ දෙමින් මත්ද්‍රව්‍ය, කප්පම් සහ වෙනත් පාතාල ක්‍රියාකාරකම් සිදු කරනවා. මොවුන් නිසා වසරකට දහස් ගණනකගේ ජීවිත, ප්‍රකෝටි ගණනක දේපල විනාශ වෙනවා.
තාවකාලිකව නොව සදාකාලිකවම එය ස්ථාපිත කර අපේ මතු පරපුර බේරා ගන්නා ලෙස අපද ඉල්ලා සිටිමු.
මාලිමා රජයේ කඩිනම් අවධානය යොමුවිය යුතු ඉතා වැදගත් කාලීන යෝජනාවලියක්. ලෝක ජනමතය නොසලකා හැර මරණ දඬුවම අනිවාර්ය්‍යයෙන්ම ක්‍රියාත්මක කළ යුතුයි.
අනිවාර්යයෙන්ම සිදුකළ යුතු දෙයක්. ඔය ජාවාරම් වලින් මොන ක්‍රමයකින් හෝ ප්‍රතිලාභ ලබන අයහැර අනෙක් සියලුම ජනතාව පක්ෂ බේදයකින් තොරව මීට එකඟයි. මීට පෙර රජයන්ට මෙම තීරණය ගැනීමට තරම් එඩිතර බවක් නොවූවද වර්තමාන රජයෙන් එම තීරණය ගනු ඇතැයි නීති ගරුක ජනතාව බලාපොරොත්තු වේ...
වටිනා අදහසක් මහාචාර්ය.. අපි ඉන්නේ මැද පෙරදිග. ඔයවගේ සෙල්ලම් මෙහෙ බෑ. මොකද මරණ දඩුවම. සුලු කාලයකට හෝ ක්‍රියාත්මක කළොත් ඉතාමත් හොදයි.
අද මම ෆේස්බූක් එකෙන් කියෙව්වා අවුරුදු එකහමාරක දරුවෙක්ට වධ හිංසා කරලා පොළොවේ ගහපු නරුම කාලකන්ණි දෙන්නෙක් ගැන, අන්න ඒ දෙන්නා ඉස්සෙල්ලාම එල්ලුම් ගස් යවන්න...
ඔව් අනිවාර්යයෙන්ම මේක කරන්න. මේ රට මේ විනාශයෙන් බේරාගන්න නම්, අනාගත දටු පරපුර සමාජය බේරාගන්න නම් මෙය කලයුතුමයි. ආගම, මනුස්සකම් තාවකාලිකව අමතක කර මේ මත් රකුසන් එල්ලා මැරිය යුතුම වෙනවා. දැනට මරණ දඩුවම දීලා ඉන්න සෙට් එක එල්ලුවා නම් ඉබේම මේක නවතිනවා. කප්පම්, පැහැරගැනීම්, මිනීමැරීම් මේ සියල්ලම එකම ජාලයක්...
රජයට පුළුවන් ඉදිරියට එන පළාත් සභා ඡන්දයක් සමග රටේ මෙවැනි ප්‍රශ්න පිළිබදව ජනමත සමීක්ෂණයක් කරන්න (උදාහරණ - බරපතල මත්ද්‍රව්‍ය සහ මහා පරිමාණ මිනීමැරුම් චෝදනා තිබෙන පුද්ගලයින්ට විරුද්ධව මරණ දඩුවම ක්‍රියාත්මක කල යුතුද? ශ්‍රී ලන්කන් වැනි පාඩු ලබන රජයේ වියාපාර වල පාඩු පියවන්න මහජන මුදල් යෙදවිය යුතුද? වාහන තීරුබදු අඩු වැඩි කිරීම වැනි ප්‍රශ්න, අධ්‍යාපන , සවුක්ය ප්‍රශ්න) එතකොට පුළුවන් රජයට හරියටම පුරවැසි මතය හදුනාගෙන, අවශ්‍ය නම් පාර්ලිමේන්තුව තුළ මේ පිළිබඳව විවාදයක් තියලා නීති සම්පාදනය කරන්න... එහෙම කළාම ජනතාවගේ මතය නියෝජනය වෙනවා... රටේ දැවෙන ප්‍රශ්න වලට අවශ්‍ය විසදුම ලැබෙනකොට පුරවැසියොත් උද්ඝෝෂණ වැනි දේවල් නවත්වලා රට ඉදිරියට ගෙන යන්න උපකාර කරාවි.. ස්විට්සර්ලන්තේ මෙවැනි දේවල් කරනවා.
සමාජයේ බහුතරයක් මේකට කැමැති වෙනවා.
ඔයවගේ දේවල් ප්‍රසිද්ධියේ කියන්න එපා. විශේෂ ආරක්ෂාවක් නැහැ නේද?
මම කඩේ ගියේ ජවිපයට මේවා කරයි කියලා... බලමු...? නොකළොත් සොරි ඩොට් කොම්...
ඔය මොන අයියලා කිව්වත්, GSP වගේ ඒවා, බටහිර ආධාර ඔක්කෝම නවතිනවා. ලංකාවේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක වුනොත්. ලෝකෙ වටේ හිඟාකෑවත් කවුරුත් සල්ලි දෙන්නෑ. නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක වෙනකම් මරණ දඬුවම පාවිච්චි කරන්නේ විරුද්ධවාදීන්ට එරෙහිව විතරයි. ලෝක ඉතිහාසයේ ඕනෑතරම් උදාහරණ තියෙනවා. ලංකාවේ ගත්තොත් බණ්ඩාරනායක ඝාතනයට මරණ දඬුවම නියම වුණු අයගෙන් එල්ලුම්ගස් ගියේ සෝමාරාම විතරයි. අනෙක් "connected" අය ඔක්කොම නිදහස්. නීතිය සැමට එකසේ ක්‍රියාත්මක වෙන තෙක් මොන ක්‍රියාමාර්ග ගත්තත් රටට හොඳ අනාගතයක් නැහැ. අදටත් ඒ සාක්කි සීල්කරලා තියෙන්නේ. සොක්කන්ට විතරයි නීතිය දැඩි. මොන දේකට කෑගැහුවා වුණත් එදා නීතිඥයා වගේ සාමාන්‍ය මිනිහෙක් කෑගැහුවා නම් මොනවා වෙයිද?
ඔක්කෝටම ඉස්සෙල්ලා රට කාපු හතිකරේගේ අසූචි වලවල්පිටින් හෝදන, අපි ජෝඩුව වගේ බත්කන හරක්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරලා ඉන්න. ඔය ඔක්කෝටම වැඩිය හානියක් අපි ජෝඩුව වගේ බත්කන හරක් මේ රටට කළා... අළුත ගෙනා සඳමාලි.. ඔයා කෝ ඩාලියා..?
ස්තුතියි! ඔබතුමාගේ අදහසට හිස මුදුනින්ම! හැබැයි මේක තව දුරටත් ළමා දූෂණ කාන්තා දූෂණ වලට සහ මිනීමැරුම් වගේ දරුණු අපරාධවලට පවා “සැබෑ” මරණීය දණ්ඩනය නියම කළ යුතුයි. ඒ වගේම සියලුම Ports වල සහ සියලුම immigration cards වල රතු අකුරෙන් සදහන් කළ යුතුයි මත්ද්‍රව්‍ය ගෙනාවොත් මරණීය දණ්ඩනය දෙන බව. ඒ වගේම රජයේ සහ මහජන දේපල සොරකම් කරන විනාශ කරන හොර තක්කඩියන්ට පවා මරණීය දණ්ඩනය නියම කළ යුතුයි. එතකොට ඔය පාර්ලිමේන්තු ගුහාවට රිංගන්න දගලන අයත් අඩුවේවි. ස්තුතියි...
දූෂණය නැති තැන! රටක් දියුණුයි... !
ජනතාවගේ අදහස් පලකිරීමේ වගකීම කරන්න බැරිනම් වහලා වෙන ජොබ් එකක් හොයාගන්න. බොරුව , වංචාව කරන්නේ නැතිව...
මේ වගේ ගෝත්‍රික එවුන්ට හරියන්නෙම උගත්, බුද්ධිමත්, ශීලාචාර මිනිසුන් නොව, මේකේ කොමෙන්ට් දමා රට හදන්න හදන කළවැද්දන්ම පමණි. ජාත්‍යන්තරය මොවුන්ගේ මුහුණට 'තූ' කියා කෙළ ගසනු නියතයි...
කාලෝචිතයි, ඉතා අත්‍යාවශ්‍ය දෙයක්. ජනමාත විචාරණයක් තියලා හරි, මේක කරන්න ඕනේ අපේ රටේ තරුණ පරම්පරාව බේරාගන්න නම්.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ටික විනාඩි පහක් දක්වා එල්ලලා තියන්න නීතියක් හඳුන්වා දෙන්න ඒ ටික වෙලාවට මැරුණේ නැත්නම් බේරුණාම ජීවිතාන්තය දක්වා හිරේ. Luck by chance. නැත්නම් කෙලින්ම එලොව යන්න පුළුවන්.