
(අංජුල මහික වීරරත්න)
නපුර පලවා හැර යහපත ජයග්‍රහණය කරවමු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දීපවාලී සුබ පැතුම් පණිවිඩයෙන් කියයි.
විපක්ෂ නායකවරයා මෙසේද පවසයි.
නපුර පලවා හැර යහපත ජයග්‍රහණය කළ දිනය ලෙස සලකන දීපවාලී සැමරුම හින්දු ආගමිකයන්ගේ සුවිශේෂි උත්සවයකි. නපුර පලවා හැරීම තුළ යහපත උදාවීම තුළ ලොවට ලැබුණේ ආලෝකය යි. පහන් වැටක් දල්වමින් සමරනු ලබන්නේ ලොවට ලැබුණු ආලෝකය සංකේතවත් කරමිනු යි.
දීපාවලිය තුළ සැඟව ඇති සංකේතාර්ථය වටහා ගැනීම සමාජයට අතිශයින් ම වැදගත් වේ. වර්තමානයේ අප ද අසත්‍ය විසින් සත්‍යය වසා දමන අවිද්‍යාව විසින් විද්‍යාව යටපත් කරන පසුබිමක කටයුතු කරමු. මේ නිසා යහපත වෙනුවට නපුර ශක්තිමත් වෙමින් පවතී. මෙහි බරපතලම ඛේදවාචකය වන්නේ නපුර වීරත්වයෙන් උත්කර්ෂයට නංවන ආකාරයක් දක්නට ලැබීම යි.
දැනුවත්ව හෝ නොදැනුවත්ව නීතිය හා සාමය සුරකින ආයතන සමාජය දැනුවත් කළ යුතු මධ්‍ය මෙහි දී නපුර පරාජය කිරීම සංදර්ශනාත්මකව සිදු කිරීම සහ වර්ථා කිරීම ම තුළ යහපත් සමාජයක ගොඩනැගීම ප්‍රශ්නාර්ථයක් බවට පත්ව ඇත.
අප කළ යුත්තේ නපුර පරාජය කර යහපත උදාව ආලෝකමත් කිරීම යි.ආලෝකය ලෙස අප සමාජගත කළ යුත්තේ යහපත් ප්‍රතිඵලය මිස නපුරු සංකේත නොවේ. දීපාවලිය තුළ අපට කියා දෙන පාඩම දිනූ යහපත සමාජයට ගෙන යෑම යි. මෙම දීපවාලී සැමරුමේ දී අප වඩාත් උත්සුක විය යුත්තේ යහපත් සමාජයක පැවැත්ම සඳහා අසත්‍යයෙන් සත්‍යයට අවිද්‍යාවෙන් විද්‍යාවට සමාජය රැගෙන එන ආලෝකයක් වන වැඩ පිළිවෙල සඳහා කැපවීම යි.
ඒ උදාර අරමුණට සියලු දෙනාට ශ්‍රී ලාංකිකයන් ලෙස දායක විය හැකි දීපාවලි උත්සවය සැම සිත් යහපත් සිතුවිලි වලින් ආලෝක මත්වන දිනයක් වේවායි ප්‍රාර්ථනා කරමි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක නේ මනුස්සයෝ රටේ ජනතාව දැනටමත් කරලා තියෙන්නේ.
බහුතර අපිනම් නපුර පළවා හැරියා චන්ද දෙකකින්ම... දැන් එළවපු නපුරෝ ටික එකතුවෙලා...
සජබ-පොහොට්ටු හොරු,පචයො,නිදන් හොරු,කුඩු මුදලාලිලා වැනි නපුරන් පලවා හරිමු.
මේ සජිත්ට දැන් මොන්ගල් ගතියක් තියෙනවා වගේ පෙනෙන්නේ. අද අනුරකුමාර ජනාධිපතිතුමා රට කාබාසිනියා කරපූ කම්බ හොරු ටික නඩු විභාග කරලා හිරේ දාලා දඬුවම් කරන කොට රටේ සමස්ත ජනතාවම අද ඉන්නේ ලොකු උද්දාමයකින්. ඒකට මේ සජිත් ඊර්ෂ්‍යාවෙන් දොඩවනවා. සජ්බෙ ගොඩ එන්න නම් සජිත්ව එළවන්නම වෙනවා.
එකනේ, සජිත් මහත්තයෝ ගිය අවුරුද්දේ කලේ...
කතාවෙන් නෙවෙයි ක්‍රියාවෙන් ඕවා කරන්න. UNP එකත් එක්ක එකතු වෙන්නේ නපුරා පලවා හරින්නද?
මෙයා හොරෙන්ම NPP එකට ඇවිල්ලා. අපි දන්නෙත් නැහැ.
නපුරු හොරු පලවා හැරීම දරාගන්න බෑ.
නයි මුගටින්ට පළාතේ එන්න දෙන්නේ නැතුව එළවමු.
රටම හොරාකාලා විනාශ කරපු බලලෝලි, බඩගෝස්තරවාදි දූෂිත දේසපාලුවෝ පළවා හැර අපේ රටට යහපතක් වෙනවා දකින්නයි අපිටත් ඕනෑ.