
(සුජිත් හේවාජුලිගේ)
එක් දින සේවාව යටතේ රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම ලබන වසරේ සිට කුරුණෑගල, බදුල්ල හා අම්පාර දිස්ත්‍රික් කාර්යාල මාර්ගයෙන්ද සිදු කිරීමට සැලසුම් කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම එක්දින සේවාව දැනට වේරහැර හා හම්බන්තොට කාර්යාල මගින් පමණක් සිදු කෙරේ.
එසේම දිස්ත්‍රික් කාර්යාල 12 ක් පමණක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර ඩිජිටල් පද්ධතිය සමග සම්බන්ධ කර ඇති බවත් සෙසු දිස්ත්‍රික් කාර්යාල 13 ම මෙම පද්ධතියට සම්බන්ධ කිරීමට බලාපොරොත්තු වන බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න ආණ්ඩුව හොඳ වැඩක් කරන්න යනවා. වෙල්ඩන්!
ඇමති තුමා සාමාන්‍ය සේවය යටතේ භාර අරන් වැඩ නිම කරපු රියදුරු බලපත් ලක්ෂෙකට වැඩි ප්‍රමාණයක් මාස 3-4 සමහර ඒවා මාස 6 කට වැඩි රටපුර රියදුරු බලපත් කන්තෝරු තැපැල් නොකර නිකරුනේ ගොඩ ගහගෙන ඉන්නවා. අදාල පුද්ගලයා ගිහින් කියක් හරි අතමිට මොලවන්න ඕනේ මේවා ලබාගන්න. කරුණාකරලා චක්‍රලේඛයක් ගහන්න වැඩ ඉවර වුණු බලපත්‍ර සතියක් තුළ තැපැල් කරන්න කියලා, මේවා තමා අපි බලාපොරොත්තු වුණු systam change නැතුව අපි නිකන් කන්න ඉල්ලන්නේ නැහැ. පාස්පෝර්ට් කන්තෝරුවේත් තත්වය මේකයි.. ඒ ගොල්ලන් තැපැල් කරන්නේ අපි පුද්ගලිකව ගිහින් විමසීමක් කළොත් පමණි. මෙහෙම චක්‍ර ලේඛයක්වත් ගහන්න බැරි නම් කරුණාකර කරන්න පුළුවන් කෙනෙකුට ඇමතිකම බාර දීලා යන්න ගෙදර..
මගේ සාමාන්‍ය ක්‍රමයට භාර දුන්න රියදුරු බලපත්රේ දැනට මාස 5 ගතවෙලත් තැපෑලේ ආවේ නැහැ. විමසීමක් කරාම කියන්නේ එක ගන්න ගාලු එන්නලු... කරුණාකරලා මේවා අච්චාරු දමාගෙන තියාගන්නේ නැතිව තැපැල් කරන්න කියන්න.